මේ සියල්ල කළ හැකි වුණේ ජනපතිගේ උපදෙස් හා ආශිර්වාදය නිසායි – ටිරාන් (VIDEO)

Date:

දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50කට අනුබද්ධව පිහිටවූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උප කාර්යාල 51ක් පිහිටුවීම හරහා පාස්පෝට් පෝලිම් සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත් උපතේ සිට මරණය දක්වා සියලුම පුද්ගල අනන්‍යතා ලේඛන එකම වහලක් යටින් ලබාගැනීම සඳහා “පුද්ගල අනන්‍යතා මහලේකම් කාර්යාලය” පිහිටුවීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

“පාස්පෝට් ප්‍රශ්නය අවුරුදු ගාණක් තිස්සේ තිබුණා. පෝලිම් තිබුණා, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාලය ඇතුළටවත් ඇවිදගෙන යන්න බැරි තරමට සෙනඟ. ඒ එන උදවියට තැරැව්කාරයින්ගෙන් ප්‍රශ්න තිබුණා. සමහරවිට අපේ ඇතුළෙ ඉන්න අයගෙනුත් ප්‍රශ්න තිබුණා. තැරැව්කාරයෝ විසි ගාණක් අපි දවස් දෙකකදී අත් අඩංගුවට ගත්තා.

අපි මේ එපොයින්මන්ට්ස් ගන්න ක්‍රමවේදයේ වෙනසක් කරලා මෑත කාලයේදී ඒ පෝලිම් ඔක්කොම නැති කළා. එහෙම කරලා තමයි අපි මේ පාස්පෝට් නිකුත් කිරීම සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තැන් 51ක අපි පටන් ගත්තේ. අපි බලාපොරොත්තු වෙනවා අනිත් දෙපාර්තමේන්තුවලත් මහජනයාට ඒ සහනය දෙන්න. ඒ වගේම අපි ඉදිරියේදී සුහුරු පායට පැමිණෙන පුද්ගලයෙකුට උපතේ සිට අභාවය දක්වා – ඒ කියන්නෙ උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, හැඳුනුම්පත, පාස්පෝට් එක, මරණ සහතිකය – සියලුම ලේඛන එක තැනකින් ලබාදෙන්න අපි දැන් වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. ගරු ජනාධිපතිතුමනි, මේ සියලු දේවල් අපට කරගන්න ලැබුණේ ඔබතුමා මට දුන් උපදෙස් හා ආශිර්වාදය නිසායි. මම සමහර වෙලාවට ඕනෑවටත් වඩා දේවල් ඉල්ලනවා කෙටි කාලයකින්. නමුත් ඒ සියලු දෙනා ඒ වැඩකටයුතු කරලා තියෙනවා”

අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ online ක්‍රමවේදය ඔස්සේ දිවයිනේ ස්ථාන 51කදී විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගිය 15 වනදා එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...