පාසල් හැරයන දරුවන් පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන්ව විවිධ හේතූන් මත, පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබෙන්නේ, ඔවුන් පිළිබඳව නිසි දත්ත වාර්තාවක් කඩිනමින් සකස් කර ඔවුන් නොමිලේ පුහුණු පාඨමාලා සඳහා යොමු කරන ලෙසයි.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන්ව විවිධ හේතූන් මත පාසැල් හැරයන දරුවන්ට ඉදිරි අධ්‍යාපනයක් නොමැති වුවහොත් ඔවුන්ගේ පෞද්ගලික දියුණුව මගහැරී යෑම මෙන්ම සාමාජීය ගැටලු නිර්මාණය විමටද හේතු වේ.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා මෙහිදී පෙන්වා ඇත්තේ , සාමාන්‍ය පෙළ දක්වා හෝ උසස්පෙළ දක්වා පාසැලේ ලියාපදිංචි වී සිටි දරුවන් පාසල හැරයාමේදි ඒ පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාගත වීම අත්‍යවශ්‍ය කරුණක් බව ද මෙම දරුවන් විභාගය නොකිරීමෙන් පසු යන මාර්ගය කුමක්ද, එසේ සිදුකරන්නේ කුමන හේතුවක් මතද යන්න සොයා බැලීම අනිවාර්ය බවයි .

අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරත් අවධාරණය කර ඇත්තේ, පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා මගපෑදීමත්, නොමිලේ පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම තුලින් ඔවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සියලුදෙනාගේ වගකීමක්ද වන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවේ. 06ක් සිසුවියන්!

කොළඹ LNW:නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන්...

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට එරෙහි නඩුවක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් !

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි...

හල්ලොලුවට අදත් ඇප නෑ!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු!

කොළඹ LNW:චීනය ඕනෑම රටක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමෙන්...