රාගම සිද්ධිය නිසා අරුන්දිකගේ දේශපාලනය අවසන් කරන්න දෙන්නේ නෑ – කොටුවේ පොඩි හාමුදුරුවෝ (VIDEO)

Date:

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම එතරම් ලොකු දෙයක් නොවන බවත් මෙම සිදුවීම නිසා අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ දේශපාලන ගමන අවසන් කිරීමට නම් තමන් කිසිසේත්ම ඉඩ නොතබන බවත් වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ ඉදිරි පෙළ භික්ෂුන් වහන්සේ නමක් වන අත්තරගම පඤ්ඤාලෝක හිමි හෙවත් කොටුවේ පොඩි හාමුදුරුවන් පවසයි.

“පොල් පරාළ ඇණ ඔළුවට බස්සපු වධකාගාර තිබිච්ච රටක මේ දරුවෝ දෙගොල්ලක් ගහගත්තා කියලා මෙච්චර මේ හාහූවක් නටන්න තරම් දෙයක් මෙතන නෑ, එක. දෙක, ළමයි හැංගුවෙත් නෑ. නීතිය අතට ගත්තෙත් නෑ. මේ කිසිම දෙයක් කරලා නෑ. මේ කිසිම දෙයක් නොකර ඇයි මෙච්චර ඇමතිතුමා පස්සෙ එළවන්නෙ කියන එක ප්‍රශ්නයක්.

මට හොඳට මඩ ගහයි, සල්ලි ගත්තා කියයි, මට ඒවා අදාළ නෑ. අරුන්දික ඇමතිතුමා පැත්තකට දාන්නකො, මගේ කාටහරි මහරෑ දොළහට හරි කිව්වොත් ‘අනේ පොඩි හාමුදුරුවනේ, මට ගහනවා. මාව බේරගන්න’ කිව්වොත් මම යනවා. ඒක තමයි හැඟීම. ඒක තමයි සිංහලකම, ඒක තමයි මනුස්සකම. ඒක නිසා කරුණාකරලා දෙගොල්ලම සද්ද නැතුව ඉමු, නීතියට බාරදීලා සිද්ධිය. මේ වෙලාවේ දේශපාලන බිලීබාන්න යන්න එපා. මේ සිද්ධිය හරහා අපි කවදාවත් අරුන්දික ඇමතිතුමාගෙ දේශපාලනය ඉවර කරන්න නම් දෙන්නෙ නෑ. හේතුව, එතුමා මේ රජය ගේන්න ආණ්ඩුව වෙනුවෙන් කතා කරන ප්‍රබල චරිතයක්. ඒ නිසා එතුමා රැකගන්න අපි ඉන්න බව බොහොම කරුණාවෙන් කියනවා”

කොටුවේ පොඩි හාමුදුරුවන් මේ බව පැවසුවේ ඊයේ (05) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...