ආණ්ඩුවෙන් ඉවත්වෙන කතාවක් නෑ, එහෙම එකක් අපි සාකච්ඡා කරලාවත් නෑ – මෛත්‍රී (VIDEO)

Date:

ආණ්ඩුවෙන් ඉවත්වනවා තබා එවැන්නක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡාවක්වත් පවත්වා නොමැති බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

“මේ වනවිට පක්ෂ රාශියක් සමග සාකච්ඡා කරමින් යනවා ඉදිරියේදී නව සන්ධානයක් බිහිකිරීම සම්බන්ධයෙන්. මේ තුළ බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේ පවත්වන මැතිවරණවලට ඉදිරිපත් වීමයි”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ආණ්ඩුවෙන් යන්නද හදන්නෙ දැන් ?

“නෑ, නෑ, නෑ, නෑ …. ආණ්ඩුවෙන් යන කතාවක් අපි මොකූත් සාකච්ඡා කරලා නෑ. එහෙම එකක් නෑ”

ප්‍රශ්නය – විදුලි අර්බුදය, ගෑස් අර්බුදය, මේ ඔක්කොම කුමන්ත්‍රණ කියනවා ආණ්ඩුව. මොකක්ද ඒ ගැන හිතන්නෙ ?

“ඔය ඉතින් විදුලි අර්බුද, ගෑස් අර්බුද, කෘෂිකර්මයේ අර්බුද, ඒවා ඉතින් ආණ්ඩුව විසඳන්න ඕනෑ ඉතින්”

ප්‍රශ්නය – මේවා කුමන්ත්‍රණ කියලානෙ කියන්නෙ ?

“නොයෙක් අදහස් එක එක්කෙනා ඉදිරිපත් කරනවා”

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (05) බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...