පිට පාරෙන් මාරාන්තික නිර්වින්දන ඖෂධය ගෙනාවේ කොහොමද? මන්ත්‍රී මරික්කාර් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

Date:

කොළඹ LNW:මාරාන්තික නිර්වින්දන ඖෂධයක් බවට පත්ව තිබෙන භූපී වැකේන් නමැති ඖෂධය ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් බැහැරව හදිසි මිලදී ගැනීම් ලෙස දක්වා වෙනත් සපයුකරුවෙකුගෙන ලබා ගෙන ඇති බවට වාර්තා වෙන හෙයින් ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

එම නිර්වින්දන ඖෂධය හේතුවෙන් මේ වන විට මරණ තුනක් සිදුව ඇති අතර එම ඖෂධය ගෙන්වූ ඒජන්තවරයා වහාම හෙළිකරන ලෙසයි මන්ත්‍රීවරයා පැවසුවේ.

එම මාරාන්තික නිර්වින්දන ඖෂධය ගෙන්වීමට රු. බිලියන 3.8ක් වැය කර ඇති බවටද වාර්තා වෙන බව ඔහු සඳහන් කරන ලදී.

”සෞඛ්‍ය අමාත්‍යංශයේ සිද්ධ වෙනවා විශාල දුෂණයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන්වල තියෙන භූපී වැකෙන් කියන නිර්වින්දන බෙහෙත. මේ වෙන කොට මරණ තුනක් සිද්ධ වෙලා තියෙන්නේ. මේක ගෙන්න කවුද අනුමැතිය දුන්නේ. මේ වර්ගයේ බෙහෙත් ගේන්න. ලියාපදිංචි සැපයුම්කරුවන් හතර දෙනෙක් ඉන්න කොට හදිසි මිලදී ගැනීම් කියමින් කැබිනට් මණ්ඩලයම ප්‍රෝඩාවට ලක්කරමින් මේ මිලදී ගැනීම් සිදුකරන්නේ. මේක කොහොමද අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කෙනෙකුගේ පාලනයට යටත් වුණේ. මොකද NMRA එකේ අනුමැතිය අරන් කරන්න ඕන වැඩක්. තුන්දෙනෙක් මැරිලා තියෙනවා. ඊළඟට මේ ඖෂධය ගෙන්වන ඒජන්තවරයා කවුද කියල මේ පාර්ලිමේන්තුවට දැනුම්දෙන්න ඕනේ. මේ බෙහෙත් ගෙන්න කීයක් ගියද? ආරංචි විදිහට නම් බිලියන 3.8ක් වියදම් කරලා තමයි ලියාපදිංචි සපයුම්කරුවෙක්ගෙන පිට වෙනත් සපයුම්කරුවෙක් හරහා ගෙනල්ල තියෙන්නේ. ඒකට උත්තර දෙන්න ඕනේ. මේ ඒජන්තවරයා හරහා තවත් ලෝකල් මෙඩිසින් ගණනාවක් ගෙනල්ල තියෙනවා කියල ආරංචියි. ගෙනාවනම් මොනවද ගෙනාවේ නැත්නම් නැහැ කියල මේ සභාවට කියන්න.”

එමෙන්ම මේ වන විට දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි මිලදී ගැනීම් සිදුකරමින් පවතින බවත් එය නතර වන්නේ කවදාද යන්නත් මන්ත්‍රීවරයා විමසා සිටියේය.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...