භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වේගයෙන් පහළට

Date:

අපේක්ෂිත පරිදිම, මේ වන විට භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වේගයෙන් පහත වැටෙමින් පවතිනවා. ඊයේ (21) පැවති වෙන්දේසියේ මිල ගණන් පහත පරිදියි.

මාස 3 – 23.00%

මාස 6 – 19.49%

මාස 12- 16.99%

මෙහි දැකිය හැකි වැදගත්ම දෙය ඉතා තියුණු ලෙස ඵලදා වක්‍රය පහතට නැඹුරු වී තිබීමයි. එයින් පෙන්නුම් කරන්නේ වේගයෙන් පොලී අනුපාතික පහත වැටීම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවයි.

මාස 3 පොලී අනුපාතිකය 23.00% මට්ටමේ තිබියදී මාස 6 පොලී අනුපාතිකය 19.49% වීමෙන් අදහස් වන්නේ දෙවන මාස 3 තුළ ලබා ගත හැකි ප්‍රතිලාභ අනුපාතිකය 15.98%ක් පමණක් බවයි. එමෙන්ම, මාස 6 පොලී අනුපාතිකය 19.49% මට්ටමේ තිබියදී මාස 12 පොලී අනුපාතිකය 16.99% වීමෙන් අදහස් වන්නේ දෙවන මාස 6 තුළ ලබා ගත හැකි ප්‍රතිලාභ අනුපාතිකය 14.49%ක් පමණක් බවයි.

මේ අතර ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය 22.1% ලෙස වාර්තා වන අතර ආහාර උද්ධමනය 15.8% දක්වා අඩු වී තිබෙනවා. මෙම ජූනි මාසයේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 12% මට්ටම දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 11% මට්ටම දක්වාත් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කළ හැකි අතර ඉදිරි මාසය වන විට පිළිවෙලින් 8% හා 6% පමණ දක්වා අඩු විය හැකියි. ඒ අනුව, පොලී අනුපාතිකද තව දුරටත් සැලකිය යුතු ලෙස පහත වැටෙන්නට ඉඩ තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...