මෙරට  මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් බව ජනපති පවසයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට  මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙන,අතර ජනාධිපතිවරයා පවසන්නේ , වසර 5ක කාලයක් තුළ මෙරට මුලු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක්  ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බවයි .

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් , දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රටේ බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් සිදුනොවන බවට ජනාධිපතිවරයා විසින් සහතික වී ඇත .

ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මෙරට බැංකු පද්ධතියේ ස්ථාවර භාවයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් , දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බැංකු පද්ධතියේ තැන්පතුවලට බලපෑමක් සිදුනොකරන බවයි .

ඒ අනුව දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු පොලිය සඳහා ද ඉන් බලපෑමක් නොවන බව ජනාධිපතිවරයා පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...