මෙරට  මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් බව ජනපති පවසයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට  මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙන,අතර ජනාධිපතිවරයා පවසන්නේ , වසර 5ක කාලයක් තුළ මෙරට මුලු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක්  ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බවයි .

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් , දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රටේ බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් සිදුනොවන බවට ජනාධිපතිවරයා විසින් සහතික වී ඇත .

ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මෙරට බැංකු පද්ධතියේ ස්ථාවර භාවයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් , දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බැංකු පද්ධතියේ තැන්පතුවලට බලපෑමක් සිදුනොකරන බවයි .

ඒ අනුව දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු පොලිය සඳහා ද ඉන් බලපෑමක් නොවන බව ජනාධිපතිවරයා පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට විමර්ශන කණ්ඩායම් 10ක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ වෙඩි...

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව