ගුවන් හමුදාපති ලෙස නව මුහුණක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මෙරට 19වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස  වැඩභාර ගැනීමට එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

උදේනි රාජපක්ෂ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර  කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහි වු පළමු ගුවන් හමුදාපතිවරයා ලෙසද සැලකෙන අතර වර්ෂ 1988 දී ශිෂ්‍යභටයෙකු ලෙස කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා අනුරාධපුර කඳවුරු අංක 01 පියාසර පුහුණුව ලබා ගනිමින් 33වැනි ගුවන් ශිෂ්‍යභට පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යභටයා ලෙස පත්වී ඇත .

තවද, දේශීය මෙන්ම විදේශීය පුහුණුවද ලබා ගනිමින් පියාසර නිලධාරියෙකු ලෙස ඔහු විශිෂ්ට දස්කම් දක්වා ඇති අතර , ගුවන් හමුදාපති ධුරයට පත්වීමට ප්‍රථම ඔහු අවසන් වරට ගුවන් හමුදාවේ දෙවැනියා ලෙස කටයුතු කර ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...