වැරද්දක් වෙලා නම් එය නිවැරදි කරනවා මිස පාරට බැහැලා වැඩක් නැහැ – රත්නප්‍රිය

Date:

කොළඹ LNW:අස්වැසුම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඊට අදාළව ලබා දී තිබෙන කාලය තුළ අභියාචනා ඉදිරිපත් නොකර මිනිස්සු පාරට බැස්සවීමෙන් පලක් නැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

ඒ, අද (28) සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

”පසුගිය වසරේ ඇති වූ ආර්ථික අර්බුදයක් එක්ක දුප්පත් බවට පත්වූ ප්‍රතිශතය ඉහල ගියා. ලක්ෂ පහකට වැඩි පිරිසකගේ රැකියා අහිමි වෙලා ගියා. ඒ පිරිස එතනින් මුදවා ගැනීමට තමයි අස්වැසුම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සිදුවුණේ. ක්‍රියාත්මක වන සමෘද්ධි සහනාධාර ක්‍රමයේ විවිධ ප්‍රශ්න තිබූ බව අපි හැමදෙනාම දන්නවා. ලක්ෂ දාහතක් සාමාන්‍යයෙන් සමෘද්ධි සහනාධාරය ලැබුවා. ඒ වගේම සමෘද්ධි සහනාධාරය නොලැබිය යුතු පිරිසක් ඉන්නවා කියන එකත් අපි දන්නවා. සහනාධාරයට නම දාගෙන මාස හයකට, අවුරුද්දකට පස්සෙ ඒක පොළියට දෙන පිරිසකුත් ඉන්නවා. ප්‍රශ්නයක් මේ තුළ දිගටම තිබෙනවා. මේ ප්‍රශ්නයත් එක්ක 2002 සංගණනයක් සිදු කරලා,අලුත් වැඩ සටහනක් දියත් කළ යුතුයි කියලා අදහසක් ගෙනවා. නමුත් කිසිදු රජයකට එවැනි හැකියාවක් ඇතිවුණේ නැහැ.

ලක්ෂ විස්සකට වගේ මේ ආධාරය ලබාදෙන්න සිද්ධවේවි කියල මූලික වශයෙන්ම තීරණ තිබුණා. ඒ වගේම තවත් 51000 වගේ වකුගඩු ආබාධිත සහ විවිධ ආබාධ සහිත පිරිස් සහ වැඩිහිටි දීමනාව වැනි විවිධ දීමනා ලබන පිරිසක් සිටිනවා. එකතුව ගත්තොත් ලක්ෂ 25ක වගේ ප්‍රමාණයකට මේ ආධාර දෙන්න සැලසුම් කළා. බිලියන 208 ක මුදලක් මේ වෙනුවෙන් වෙන්කරලා තිබෙනවා. ලෝක බැංකුව අදහස් කළේ, ආර්ථික අර්බුදය සමග සහනාධාර ලබන අයට මෙහෙම ජීවත් වෙන්න අමාරුයි, ලබා දෙන ප්‍රතිලාභය ඉහළ දැමීම අවශ්‍යයි කියන කාරණය අවධාරණය කළා. ඉහළ දාන ප්‍රතිලාභය සැබෑ ප්‍රතිලාභ ලබන්නන් හට ලබා දිය යුතුයි කියන කාරණයත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

පළමු වටයේදී ලක්ෂ 12 ක් වගේ ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබෙනවා.ඒ පලවන වටය පමණයි. මේ අභියාචන එක්ක ඉතිරි පිරිස ඇතුලත් කරන්න පුලුවන්. ජූලි10 වෙනකන් සහන කාලයක් ලබා දීලා තිබෙනවා .අභියාචනා ඉදිරිපත් කරන්නට පුළුවන්. ඔන් ලයින් ක්‍රමේට අභියාචනා ඉදිරිපත් කරන්නට බැරි නම්, ලියුමකින් ප්‍රාදේශීය ලේකම් වෙතින් ඉල්ලලා හෝ අභියාචනා ඉදිරිපත් කරලා, සුදුසු නැති කෙනෙකුට දීලා තිබෙනවා නම් ඔවුන් පිළිබඳ විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන්. සහනයක් දෙන්න හදන එකට මැදිහත් වෙලා, එකට උදව් කරන්නැතුව ඒකෙන් අයින් වෙලා, මිනිස්සු පාරට බස්සන්න එක තමයි තමා මේ අය කරමින් ඉන්නේ.” යනුවෙන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...