පාතාල මර්දනයට ඇමති ටිරාන්ගේ නියෝගයෙන් විශේෂ STF මෙහෙයුම්

දකුණ සහ බස්නාහිර යන පළාත් දෙකෙහි පාතාල කල්ලි ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් යොදවමින් විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝගයක් අනුව මෙම විශේෂ මෙහෙයුම් සිදුකෙරේ.

ඒ අනුව, මෙම පාතාල මර්දන මෙහෙයුම් සඳහා දකුණු පළාතෙන් විශේෂ කණ්ඩායම් 20ක් ද බස්නාහිර පළාතෙන් විශේෂ කණ්ඩායම් 15ක් ද යොදවා ඇති බව වාර්තා විය.

එමෙන්ම මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි ඒකක නිලධාරීන් ද යොදවා ඇත.

මීට අමතරව පාතාල නායකයින් සහ ඔවුන්ගේ ගෝලයින් සැඟවී සිටින ස්ථානත් ගිනිඅවි ඇති ස්ථානත් ගැන තොරතුරු සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...