*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

ආසියානු වොලිබොල් සූරතා අභියෝගයට ශ්‍රී ලංකාවෙන් ජවය සහ අත්දැකීම් පිරුණු කණ්ඩායමක්

සිව්වන වරට පැවත්වීමට නියමිත ආසියානු වොලිබෝල් පිරිමි අභියෝග සූරතාවලිය ජුලි 07 දින සිට 16 දින දක්වා චීන තායිපේ හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම 2023 ජුලි 05 දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.
මෙම තරගාවලිය 2018 වසරේ දී පළමුවරට ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වී ඇත.එවර කොළඹ දි පැවති මෙම තරගාවලියේ සූරතාවය ඉරාකයට හිමි වි ඇති අතර සවුදි අරාබිය දෙවන ස්ථානයත් සත්කාරක ශ්‍රී ලංකාව තෙවන ස්ථානයත් දිනාගෙන ඇත.කණ්ඩායම් අටක් එම තරගාවලිය සඳහා සහභාගි ව’ ඇති අතර අනතුරුව 2020 දී පැවත්වීමට නියමිතව තිබූ දෙවන තරගාවලිය කිර්ගිස්තානයේ චොල්පොන් අටා හී දි පැවත්වීමට නොහැකි විය.ඒ ඒ වන විට ලොව පුරා විහිද පැතිරී තිබුණ කොවිඩ් වසංගතය හේතුවෙන්ය.


එහෙත් තෙවන තරගාවලිය 2022 දි නැවත කිර්ගිස්තානයේ චොල්පොක් අටා හී දි පැවති අතර එහිදී සූරතාවය දිනා ගන්නට සමත් වුයේ සත්කාරක කිර්ගිස්තානය වන අතර අනු සූරතාවය සුපුරුදු පරිදි සවුදි අරාබියාවට හිමි විය.තෙවන තැන දිනා ගත්තේ උස්බෙකිස්තානය ය.එම තරගාවලිය ද සිතූ තරම් සාර්ථකව සංවිධානය නොවුණු අතර ඒ තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි නොවිණ.සහභාගි වූ මුළු කණ්ඩායම් ගණන හතරක් විය.මෙවර සිව්වන වරට පැවත්වෙන තරගාවලියට කණ්ඩායම් 17 ක් සහභාගිවීමට නියමිත බැවින් මෙවර තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.මූලික වටයේ තරග කාණ්ඩ හයකට බෙදා පැවත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව හයවන කාණ්ඩයේ (එෆ්) ඉන්දුනීසියාව සහ බහරේනය සමඟ මූලික වටයේදි තරග වඳිනු ඇත.


කලකට පසුව ශ්‍රි ලංකාවෙන් බිහි වූ තරුණ ජවය සහ අත්දැකීම් සහිත ප්‍රබල කණ්ඩායමක් මේ තරගාවලියට එක් කර ගන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වී ඇත.දීප්ති රොමේෂ් ට එම කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇති අතර ඔහු 2018 දි මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදි ආරම්භ වූ මොහොතේ එම තරගාවලියේ හොඳම ප්‍රහාරකයා ලෙස බංගලාදේශයේ හොරොෂිට් බිස්වාස් සමඟ සම සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයාය.හි හො දම ලිබරෝ ක්‍රීඩකයා සේ සම සම්මානය දිනා ගන්නට ලක්මාල් විජේසේකර සමත් වූයේ කිර්ගිස්තානයේ අබ්ස්ටරෝව් කුට්මන්බෙක් සමඟය.


මෙවර දීප්තිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට පුහුණුකරු සේ එක්ව සිටින්නේ චන්න ජයසේකර වන අතර සහය පුහුණුකරු සේ එක්ව සිටින්නේ නිශාන් ඉන්දික ය.අභ්‍යාසක ලෙස සුසිරි මංගල එක්ව සිටින අතර කළමණාකරු ලෙස කටයුතු කරන්නේ අරුණ ශාන්ත ය.
මේ සමඟ වන කණ්ඩායම් ඡායාරූපයේ කණ්ඩායම සිටින අනු පිළිවෙළ පහතින් දක්වා ඇත.
අසුන්ගෙන වමේ සිට

ලසිදු මෙත්මාල් (උප නායක ), නිෂාන් ඉන්දික මහතා – සහාය පුහුණුකරු , චන්න ජයසේකර – ප්‍රධාන පුහුණුකරු, අරුණ ශාන්ත මහතා – කළමණාකරු , සුසිරි මංගල – අභ්‍යාසක, දීප්ති රෝමේෂ් – නායක

පසුපස පේලිය වමේ සිට

මලීෂ රවිශාන්, ෂෙහාන් විමුක්ති, මහේල ඉන්දීවර, තරිදු ලක්මාල්, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, තරුෂ චමත්, මලිත් දිනිදු, ෂොන් ලක්ෂිත, මහේෂ් වන්නිගමගේ, මනෝජ් සුරංග

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan