තීරණාත්මක දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ඡන්ද විමසීමට මහින්ද, නාමල්, චමල් නෑ !

Date:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (01) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ අවස්ථාවට ප්‍රධාන පෙළේ දේශපාලන චරිත කිහිපයක්ම ඇතුළු මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් පැමිණ නොසිටීම කතාබහට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් මෙම ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත.

සමගි ජන බලවේගය නියෝජනය කරන රාජිත සේනාරත්න, මයන්ත දිසානායක, රෝහිණී කවිරත්න සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් ද නොපැමිණි මන්ත්‍රීවරුන් අතර වෙයි.

එමෙන්ම ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වී සිටින හෙයින් ඊයේ පාර්ලිමේන්තු පැමිණ සිටියේ නැත.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබුණු අතර විපක්ෂව ඡන්ද 62ක් ලැබී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...