*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

කොත්මලේට ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා විසින් , දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් කොත්මලේ ප්‍රදේශයේ ඉදිකිරීමට අදාළව ව්‍යාපෘති වාර්තාවක්  සකස් කර ඇත.

කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400ක පමණ ඉඩමක් මේ වෙනුවෙන් තෝරාගෙන ඇති අතර ඒ ගැන සොයා බැලීම සඳහා ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා කොත්මලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාර්කාවක ද නිතරව ඇති අතර, ඉඩම වෙන් කර ගැනීමෙන් පසු මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් උදව් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය ද රුවන් විජයවර්ධන මහතා වෙත දැනුම් දී ඇති එරට විශ්වවිද්‍යාලවල සහාය ද දේශගුණ විශ්වවිශ්වවිද්‍යාලයට ලබා දෙන බව තනාපති කාර්යාලය පොරොන්දු වී තිබේ.

රුවන් විජයවර්ධන මහතා පැවසූවේ , අක්කර 400ක් පමණ වන මෙම ඉඩමට තවත් අක්කර 200ක පමණ භූමි ප්‍රදේශයක් එක් කර ගැනීමට ද නියමිත බවත් , ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමට නියමිත අතර නේවාසිකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉදිරියේ දී මෙහි ඉදිවීමට නියමිත බවයි .

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ
අදාළ ව්‍යාපෘති වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan