කුරාණය ගිනිතැබූ ‘ඉස්ලාම් භීතිකාව’ ස්වීඩන් රජය හෙළා දකියි

Date:

පසුගියදා ස්වීඩනයේ වෙසෙන ඉරාක පුද්ගලයෙකු වන 37 හැවිරිදි සල්වාන් මොමිකා විසින් ස්ටොක්හෝම්හි ප්‍රධාන පල්ලියෙන් පිටත ස්ලාමීය ශුද්ධ ග්‍රන්ථයක් වන කුරාණයේ පිටු කිහිපයක් කඩා එය ගිණි තැබීම රජය විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.

සෞදි අරාබිය පදනම් කරගත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) වෙතින් අනාගත අල් කුර්ආනය විනාශ වීම වළක්වා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ස්වීඩනයේ විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ මෙමඟින් ස්වීඩන් රජයේ අදහස් පිළිබිඹු නොකරන බවත් කුරාණය හෝ වෙනත් ඕනෑම ශුද්ධ ලියවිල්ලක් ගිනි තැබීම පිළිකුල් සහගත සහ අගෞරවනීය ක්‍රියාවක් සහ පැහැදිලි ප්‍රකෝප කිරීමක් ලෙස සලකා ස්වීඩන් රජය එය දැඩිලෙස හෙළා දකින බවයි. ජාතිවාදය, විජාතික භීතිකාව සහ ඒ ආශ්‍රිත නොඉවසීම යන ප්‍රකාශයන්ට ස්වීඩනයේ හෝ යුරෝපයේ ඉඩක් නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

ස්වීඩනයේ ව්‍යවස්ථාවට අනුව එක්රැස්වීමට, ප්‍රකාශනයට සහ පෙළපාළි යාමට නිදහස ඇති අතර මෙම සිදුවීමට විරෝධය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඉරාකය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මොරොක්කෝව ඇතුළු රටවල් කිහිපයක් ස්වීඩන් තානාපතිවරුන් නැවත කැඳවා ඇති බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...