*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/03

  1. ඉදිරියේදී රට තුළ ඇති විය හැකි ඖෂධ හිඟය වැළැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම යටතේ තීරණාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි: ඖෂධ ආනයනය කිරීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති අතර “ඒවායේ ගුණාත්මකභාවය සහතික කිරීම” කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද පවසයි.
  2. රජයේ දේශීය ණය ප්‍රශස්තකරණයේ උපායමාර්ගය ඉදිරි දින දෙක තුළ ප්‍රසිද්ධියට පත් කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි; සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අනෙකුත් පාර්ශ්ව වෙත ද මෙම සැලැස්ම ඉදිරිපත් කරන බව පවසයි.
  3. සමූපකාර සේවයේ ඉදිරි ගමන සඳහා රජය කුමන ආකාරයේ මැදිහත්වීමක් කළ යුතුද යන්න පිළිබඳව සමූපකාරයෙන් යෝජනාවක් නොමැති පසුබිමක රජය සමූපකාර සේවා වැඩසටහනෙන් ඉවත් වීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි: රජය මැදිහත් වීම හරහා සමුපකාර සේවයට බලපෑම් එල්ල වන්නේ නම්, රජය එහි කටයුතුවලට මැදිහත් වීමෙන් වැළකී සිටිය යුතු බව ද අවධාරණය කරයි.
  4. ආබාධිත, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන්ට හිමි සුබසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගේ ලැයිස්තුව එළඹෙන සතිය තුළ ප්‍රසිද්ධියට පත් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසයි: “අස්වැසුම” ප්‍රතිලාභීන්ගේ නාමලේඛනයට අදාළ අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කිරීමට තවමත් කාලය තිබෙන බැවින්, ඒවා ඉදිරිපත් කර නොමැති නම් ඉදිරිපත් කරන මෙන් ද ජනතාවගෙන් ඉල්ලා සිටියි: මෙම අභියාචනා ක්‍රියාවලිය සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන ඕනෑම අයකුට ඔවුන්ගේ අභියාචනාවල පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකළ හැකි බව වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.
  5. නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පොලිස්පති ධූරයට පත්කිරීම ගැන සලකා නොබලන මෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති: පාස්කු ඉරුදින ප්‍රහාරය හමුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හුදෙක් පණිවිඩකරුවකු ලෙස කටයුතු කර ඇති අතර, පැවති තත්ත්වය තුළ ඔහු සිය රාජකාරිය ඉටු කිරීමට අපොහොසත්ව ඇති බව එම ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පැහැදිලිව ම දක්වා ඇති බව සිහිපත් කරති: 2022 දී සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ අත්බෝම්බයට අදාළව දියත්කළ පොලිස් විමර්ශනවලට නායකත්වය ලබා දුන්නේ තෙන්නකෝන් වන අතර, එහිදී අත්තනෝමතික හා පදනම් විරහිත ලෙස එම දේවස්ථානයේ සේවය කළ සේවකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද සිහිපත් කරති: පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවීමට වළක්වා ගැනීමට අසමත් වූ බුද්ධි සේවයේ අකර්මන්‍යතාවයට වැඩිපුරම වගකිව යුතු පුද්ගලයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් නිලන්ත ජයවර්ධන බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දක්වා ඇති බව ද අවධාරණය කරයි.
  6. ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක පා.ම. අනුර කුමාර දිසානායක “කුහකයකු” බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. රෝහිත අබේගුණවර්ධන පවසයි: ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සිය ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා “ව්‍යාපාර පංතියේ ආසනයක්” වෙන් කරවා ගෙන ඇති බවට චෝදනා කරන මන්ත්‍රීවරයා, ඔහුගේ පක්ෂය රටේ ආර්ථිකය පිළිබඳ කතා කරන විට ඔහු මෙසේ සිදු කිරීම හමුවේ ඔහු කුහකයකු බව පවසයි.
  7. තවත් ඩෙංගු ආශ්‍රිත මරණ 04 ක් වාර්තා වෙයි: සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ යයි: වසංගත රෝග ඒකකය අනුව, මෙම වසර තුළ ඩෙංගු ආසාදිතයන් 49,559 වාර්තා වී තිබේ: ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 10,879 හමුව තිබේ: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශ 61 ක් ඩෙංගු සඳහා අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන තිබේ.
  8. ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පූර්ණ සහයෝගය ලබා දීමට චීනය එකඟ වීම හමුවේ, ඊට අදාළ වැදගත් කරුණු පළිබඳ සාකච්ඡා කිරීමට මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන ළඟදීම චීනයේ බීජිං බලා යාමට නියමිතය බව වාර්තා වේ: ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීන මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ: ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ බලය චීන රජය විසින් එරට EXIM බැංකුවට ලබා දී තිබේ.
  9. ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර සිට කොළඹට සෘජු මගී ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සහ ඊශ්‍රායල සිවිල් ගුවන් සේවා බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ: දෙරට අතර අවබෝධතා ගිවිසුමකට ළඟදීම අත්සන් තැබීමට නියමිත බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
  10. ශ්‍රී ලංකාව 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි: සිම්බාබ්වේ බුලවායෝහි දී සිම්බාබ්වේ පිල කඩුලු 09කින් පරදවා දැනට පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අවසන් මහා තරඟයට එක්වෙයි: ලකුණු 166ක (පන්දුවාර 32.2) ඉලක්කයක් හඹා යමින් ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ පිල පරාජය කරයි: පැතුම් නිශ්ශංක ලකුණු 102කින් ලකුණු 101ක් ලබාගනියි: දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සහ වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් පෙන්වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan