*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/04

01. “ව්‍යාජ තර්ක” ඉදිරිපත් නොකර රට ගොඩනැඟීම සඳහා කඩිනම් පියවර ගැනීමට එකතු වන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමස්ත විපක්ෂයෙන් ඉල්ලා සිටියි: දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගොඩනඟන චෝදනා සාවද්‍ය බව ඔප්පු වී ඇති බව ද පවසයි.

02. චීනයේ ජාතික ගුවන් සේවය වන එයාර් චයිනා (Air China) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) සහ චීනයේ චෙන්ංග්දු ටියන්ෆු (Chengdu Tianfu) ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් යළි ආරම්භ කරයි: 2023 ජූලි 03 වැනි දින සිට චෙන්ංග්දු-සිට-කොළඹ දක්වාත්, කොළඹ-සිට-චෙන්ංග්දු දක්වාත් සතියකට ගුවන් ගමන් තුන බැඟින් යළි ආරම්භ වෙයි: මඟීන් 142 ක් රැගත් පළමු ගුවන් යානය ප.ව. 08.20 ට කටුනායක ගුවන්තොටුපොලට ළඟා විය.

03. 2019, 2020 සහ 2021 යන වසරවල අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට පෞද්ගලික විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් සඳහා හඳුන්වා දුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: මෙම ණය යෝජනා ක්‍රමය ලබා ගැනීමට අපේක්ෂා කරන සිසුන් වෘත්තීන් ඉලක්කකළ පාඨමාලා හැදෑරිය යුතු බව ද අවධාරණය කරයි: සුදුසුකම් ලත් සිසුන් 5,000 කට මෙම ණය යෝජනා ක්‍රමය ලබා දීමට නියමිත ය.

04. කි.ග්‍රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද දින මධ්‍යම රාත්‍රියේ සිට රු. 3,000 ට වඩා පහළ මට්ටමකට අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි: මෙම වසර තුළ ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෑස්වල මිල අඩු කරන සිව්වන අවස්ථාව මෙය වෙයි.

05. මෙරට කර්මාන්ත වර්ධනයේ මාවතකට යොමු කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් නව කාර්මික උපායමාර්ග අනුගමනය කළ යුතුව ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි: ජාත්‍යන්තර වෙලඳපොල ගතිකත්වයට අනුකූලව ජාතික කාර්මික උපායමාර්ගය යළි සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය තුළ කාර්මික අංශය අපනයන ඉලක්කකළ වර්ධනයක් කරා ළඟා විය යුතු බව අවධාරණය කරයි: ශ්‍රී ලංකාව ඉහළ තාක්‍ෂණික සංවර්ධනයේ කාර්මික අංශයක් බවට පරිවර්තනය විය යුතු අතර, ගෝලීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශවීම සඳහා ව්‍යවසායකයන්ට සහාය විය යුතු බව පවසයි.

06. රජයේ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුත්තේ සාමාන්‍ය වැඩකරන ජනතාව සහ ධනවත් පුද්ගලයන් යන දෙපාර්ශවයටම බලපාන අන්දමින් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, සමඟි ජන බලවේගයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි: මෙම අවශ්‍යතාවය සැපිරීමට රජය අපොහොසත් වීම හමුවේ විපක්ෂය දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහනට විරෝධය පළකළ බව පවසයි: දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහනින්, විශ්‍රාම යාමෙන් පසු වැඩකරන ජනතාවට තම ජීවිත කාලය පුරාවටම ඉතුරුවන සේවක අර්ථසාධක අරමුදලට බලපෑම් එල්ලවන බව ද අවධාරණය කරයි.

07. රජය සතු ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මාස 06කින් අවසන් කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි: ප්‍රතිව්‍යූහගත කිරීම වහා ක්‍රියාත්මක නොකළහොත් එම ගුවන් සේවයේ සේවකයන්ගේ රැකියා අවදානමට ලක්වන බවට අනතුරු අඟවයි: මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට වාර්තා වේ.  

08. කාර්යක්‍ෂමව සහ ඵලදායි ලෙස ක්‍රියාත්මකවන ආයතන හරහා, 2023 පළමු කාර්තුව තුළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් තරම් අරමුදල් භාණ්ඩාගාරයට ලැබී ඇති බවට රජයේ මුදල් ප්‍රවාහ කලමනාකාරීත්වය විසින් සහතික වන බවට මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි: ආදායම් සහ අනෙකුත් මූලාශ්‍ර ලෙස 2023 පළමු කාර්තුව තුළ භාණ්ඩාගාරය වෙත ලැබී ඇති සමස්ත මුදල් ප්‍රමාණය රු. බිලියන 650 වන අතර, බදු ආදායම් ලෙස රු. බිලියන 578 ක් ලැබී ඇති අතර, එය ඉකුත් වර්ෂයේ මෙම කාලසීමාවේ ලැබුණු රු. බිලියන 370 ට සාපේක්ෂව 56% ක වැඩි වීමකි.

09. ආසියානු සංවර්ධන බැංකුව, එම බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන නව අධ්‍යක්ෂවරයා ලෙස ටකාෆුමි කඩෝනෝ (Takafumi Kadono) පත් කරයි: ඉකුත් සඳු දින වැඩ අරඹන කඩෝනෝ එම තනතුරට පත්වන්නේ, ඔහුට පෙර එම ධුරය හෙබවූ චෙන් චෙන් (Chen Chen) 2023 ජූනි 30 වන සිය ධුර කාලය නිම කිරීමත් සමඟ ය.

10. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වූ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයේ දී පන්දු 13 ක් ඉතිරි ව තිබිය දී (D/L ක්‍රමය) කඩුළු 08ක් දවාගනිමින් ජයග්‍රහණය කරයි: නායිකා චමරි අතපත්තු පන්දු 80කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 140ක් රැස් කරයි: මෙම ජයග්‍රහණයත් සමඟ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පළමු තරගමාලාවේ ජය 2-1ක් ලෙස වාර්තා කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan