ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව තහනම් කිරීමට පාදක වූයේ ඊට දේශපාලන බලපෑම් එල්ලවීමය.දේශපාලන බලපෑම් එල්ල කිරීමේ චෝදනාව එල්ලවන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාටය.එහි පදනම තහවුරු කරන්නේ පත් කරන ලද ස්ථාවරකරණ කමිටුවය.ලෝක රගර් සම්මේලනයට ජාත්‍යන්තර රගර් ව්‍යවස්ථාවට සහ ශ්‍රි ලංකාවේ ක්‍රීඩා පණතට අනුව මේ ඇති වී ඇති තත්ත්වය ගැන වගකිව යුතු දෙපාර්ශවය වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ඔහු නායකත්වය දෙන අමාතංශයයත්,නිල බලයෙන් පත් වී තිබෙන අමාත්‍යවරයා විසුරුවා දැමූ රගර් සම්මේලනයත්ය.
නමුත් ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ වැඩිම අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රගර් තහනමට පත් කිරීමට හේතු වූ අමාත්‍යවරයා විසින් පත් කරන ලද රගර් ස්ථාවරකරණ කමිටුවේ ප්‍රධානියා වන චූලා ධර්මදාසය.නමුත් ඔහු රගර් පරිපාලනය විසුරුවා හරින්නට නියමිත වූ අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධ කරන්නට යෙදුණ කරුණු වෙනුවට පෙන්වා දීමට උථ්සාහ කර ඇත්තේ නිලවරණයේ ඡන්දය හිමි ක්‍රීඩා සමාජවල සක්‍රීයත්වය සහ අක්‍රීයත්වය ය.
බලය වෙනුවෙන් ප්‍රධාන ක්‍රීඩා සමාජ කිහිපයක පමණක් බලය රඳවා ගැනීමේ අවශ්‍යයතාවයක් ස්ථාවරකරණ කමිටුව බලයට පත් වූ මොහොතේ සිටම පෙන්නුම් කරන අතර ඒ සම්බන්ධයෙන් අධිකරණය ද කරුණු ඉදිරිපත් කර ඇත.නමුත් නිලවරණයේදී බලය හිමි ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් තීරණය ගෙන ඇත්තේ අමාත්‍යවරයා විසින් විසුරුවා හරින ලද පරිපාලනය නොවේය.ඊට පෙර පැවති පරිපාලන ඒකක ද ක්‍රියා කර ඇත්තේ ඒ ආකාරයටය.රගර් ව්‍යවස්ථාවේ නිලවරණ සම්බන්ධ වත්මන් පවතින තත්ත්වයට අදාළ සැකිල්ල සකස්වන්නේ ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනය කිරීම සඳහා වන සැළසුම සකස් කර විදේශ නියෝජිතයෙකු අතින් මීට වසර විස්සකට පමණ ඉහත වන අතර එහිදී අපේක්ෂාව වී ඇත්තේ රගර් සංවර්ධනය සහ ව්‍යාප්තිය ය.
මේ කාරණය ව්‍යවස්ථාවට ඇතුළත් වුව ද,වඩාත් ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟෙන්න වූවේ විසුරුවා හරින ලද පරිපාලනය යටතේ ය.එහිදී ගමේ දක්ෂතා හඳුනාගැනීම සඳහා වැඩ සටහන් ගණනාවක් ක්‍රියාවට නැංවීමට අමාත්‍යවරයා විසුරුවා හරින ලද රගර් පරිපාලනය ක්‍රියා කළේය.එසේම ලංකාවේ කාන්තා රගර් ක්‍රීඩාව ඉදිරියට එන්නේම රගර් ක්‍රීඩා කරන පාසල්වලින් නොවන අතර බහුතරයක් හමුදාවන්ට සම්බන්ධ වීමෙන් පසුව හඳුනාගත් දුර බැහැර මෙන්ම වරප්‍රසාද නොමැති පාසල්වල අධ්‍යාපනය ලද අයගෙන් කාන්තා රගර් ක්‍රීඩාව පවතින්නේය.අමාත්‍යවරයා පත් කරන ලද අතුරු කමිටුවේ ද ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ නිලධාරීන් සිටින අතර තවත් ක්‍රීඩා වගකීම් අමාත්‍යවරයා ත්‍රිවිධ හමුදාවටම පවරා ඇත.එැවැනි තත්ත්වයක ත්‍රිවිධ හමුදාවන්හී බොහෝ ක්‍රීඩා නියෝජනයන් සිඳුවන්නේ හමුදාවට පැමිණි පසු හඳුනාගත් ක්‍රීඩක හැකියාවන්ගෙන් බව ඔවුන් ද හොඳින් දන්නවා ඇත.රගර් ක්‍රීඩාවේ නියැලෙන දක්ෂයන් දැනටත් ඒ ආකාරයෙන් ක්‍රීඩා කරන බව ද ඇත්තය.
නමුත් ප්‍රාදේශිය වශයෙන් ක්‍රීඩාව බලසම්බන්න කර වචනාර්ථ ඉක්මවා ක්‍රියාත්මක කළ හැකිනම් මේ දක්ෂයන් ක්‍රීඩාවේ ශිල්පීය ගුණාංග සහිතව වඩාත් රටේ ප්‍රධාන ධාරාවට ඇතුළත් විය හැකි මට්ටමේ ක්‍රීඩකයින් කර ගැනීමට හැකියාව ඇත.රගර් ක්‍රීඩාවට පහසුකම් ඇති රටේ ප්‍රධාන පාසල් කිහිපයක සහ ඉන් අනතුරුව ක්‍රීඩා සමාජ කිහිපයක ක්‍රීඩාවේ බලය තබා ගෙන ක්‍රියාත්මක වීම සාධාරණ කර පෙනී සිටීම ගමේ දේශපාලනඥයෙක් හැටියට ක්‍රීඩා අමාත්‍යවරයා සිය ඡන්දදායකයාට දේශපාලන වශයෙන් ද කරන බලපෑමකි.නමුත් අද අපහසුවෙන් දේශාපලනය පවුරක් කරගෙන වරප්‍රසාද සහිත පංතිය නියෝජනය කරන්නට ඇතුල් වී සිටින ක්‍රීඩා අමාත්‍යවරයා තමන් ජීවත් වූ සමාජය දෙවන ගණයේ පුරවැසියන් සහිත සමාජයක් බව කියමින් ප්‍රධාන ධාරාවෙන් කොන් කර තැබිය යුතු අන්දමේ මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම කණගාටුදායකය.
එසේම ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ මුල් ඉතිහාසය ගත් විට නුවරඑළිය,බදුල්ල,තල්දූව වැනි කොළඹින් බැහැර තිබූ රගර් ක්‍රීඩාවේ ඉතිහාසය නැවත විරාජමාන කිරීමට උත්සාහ දැරීමද වැදගත් අතර ඒවා වළලා දමා අලුත් බලයක් නිර්මාණය කර ගනිමින් පංති දේශපාලනයේ මුග්ධ සුවරූපය ක්‍රීඩාවට රැඟෙන ඒමට උත්සාහ දැරීම ද නොකළ යුතුය.1970 ගණන් වල නිර්මාණය කරන ලද ක්‍රීඩා පණතක් වෙනස් විය යුත්තේ ඊටත් වඩා පස්සට ගොස් ඒකාධිපති බලයක් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ලැබෙන පරිදි නොවන අතර ඒවා ජගත් නීති පද්ධතියට අනුව යාවත්කාලීන වී වඩාත් පහසුවෙන් නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍යය පරිසරය සකස් වන ආකාරයට සංශෝධනය විය යුතුය.
මේ ගැන හොඳම උදාහරණයක් මේ දිනවල පාසල් රගර් පිටියෙන්ද වාර්තා වී තිබේ.මිතොටමුල්ල කුණු කන්ද නාය යාම සහ ඒ ජිවිතවලට සිඳු වූ හානිය අපි කවුරුත් දනිමු.එහිදී එම කුණු කන්ද අවට ජීවත් වූ වරප්‍රසාදිත සමාජයට බොහෝ දුර මිනිසුන් වරප්‍රසාදිත දේශපාලනයෙන් බැහැරව බෝහෝ දුක්බර ජීවීත සහ පීඩාකාරී ජීවිත සමඟ කුණු කන්ද යට වැළලිණ.එවැනි එක් දරුවෙකුගේ ජීවිතයක් ඔවුන්ගේ කුරුණාගල ඥාති පිරිසකට පැවරෙන අතර ඔවුන් නිසා මේ දරුවාට කුරුණාගල ශාන්ත ආනාවේ දොර ඇර ගන්නට අවස්ථාව සැළසෙයි.අද ඔහු ශාන්ත ආනාවේ රගර් නායකයා ය.රගර් ව්‍යාප්ත නොවුණ පරිසරයක ඔහු කුණු කන්ද නාය නොගියානම් ඒ කුණුවලටම මිශ්‍ර වූ වරප්‍රසාදිත තත්ත්වයන්ගේන බැහැරව කුණු ඇහිදින දරුවෙක්ම වන්නට තිබිණ.මේ ඇත්ත සමාජ තත්ත්වය හදුන්ගෙන එය වෙනස් කිරීමට අවශ්‍යය පරිසරය සකස් කිරීම වෙනුවට රගර් වෙනස් කරන්නට අමාත්‍යවරයා ගෙනා ස්ථාවරකරණ කමිටුව ජාත්‍යන්තරයට ද පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ වරප්‍රසාදිත ක්‍රීඩා සමාජ කිහිපයක හවසට මිල අධික මත්පැන් වීදුරුවක් තොල ගා ජීවිතය විඳින මිනිසුන් අත පමණක් රගර් තිබිය යුතු බවය.
ඇත්තටම ගමෙන් ආ දේශපාලකයෙක් හැටියට දැනට ක්‍රීඩාවෙන් දුරස් වි ඇති දක්ෂයන් සිටි පාසල් වන සේවාමුක්ත විද්‍යාලය වැනි පාසල් නැවත ක්‍රිඩාවට කැඳවන්නේ කෙසේද සහ ඒවාට බලයක් දෙන්නේ කෙසේද යන්න සිතිය යුතු පොළොන්නරුවේ මිනිහෙක් තමන්ට වරප්‍රසාදිත පංතිය ඇතුලේ චරිතයක් වන්නට ව්‍යාප්ත වි තිබෙන ක්‍රීඩාව හකුළුවන්නට නොව එම ක්‍රීඩා සමාජවලට ඇත්තේ කොළයක සඳහන් නම් පමණක්නම් ඒවා නාම පදවලට සීමා නොකර ක්‍රියා පද කරන්නට වැඩ පිළිවෙලක් සෙවිය යුතු නොවේද?තවමත් ක්‍රීඩාවg නොලැබී ඇති සවිය ක්‍රිඩාවට ගෙන ආ යුතු නොවේද?
නඩු, නීති මේ සියල්ලෙන් බැහැරව ක්‍රීඩාවේ අවශ්‍යතාවය සේ අප දකින මේ අවශ්‍යයතාවය දිය කර හරින්නට දත කන මිනිස්සුන්ට මේ රටේ ක්‍රීඩාවේ අවශ්‍යයතාවය හෝ දේශපාලනයේ අවශ්‍යයතාවය හෝ තේරෙන බවක් අපි නොසිතමු.
මෙහිදී විසුරුවා හරින ලද රගර් පරිපාලනය නව අනුග්‍රාහකත්වයන් කැඳවීම,සියලු තරගාවලි පැවත්වීම,නව තරගාවලි හදුන්වොදීම,රට පුරා රගර් ව්‍යාපත් කරන්නට කටයුතු කිරීම,නව ජාත්‍යන්තර සබඳතා ඇති කිරීම,නව පුහුණු ආකල්ප නිර්මාණය කරමින් පොදු රාජය මණ්ඩලීය තරගාවලියේදී ඉතිහාසයේ හොඳම දස්කම ප්‍රදර්ශනය කිරීම වැනි කරුණු කිසිවක් ගැන අවධානය යොමු කිරීමට ක්‍රීඩාවේ පරිපාලන ආයතනය වන ක්‍රීඩා අමාත්‍යංශය උත්සාහ නොකළ අතර,ඒ අවස්ථාවට ග්බි සම්මේලනයේ ප්‍රධාන ජාත්‍යන්තර සබඳතා සහ සහභාගීත්ව නිලධාරි ඩේවිඩ් කැරිගී මහතා (Mr.David Carrigy), එහි ආසියාවේ කලාපීය හවුල්කාරිත්ව කළමනාකරු රිඩ්සාල් සාට් මහතා (Mr.Ridzal Saat), ආසියානු රග්බි සම්මේලනයේ අතුරු කමිටු ප්‍රධාන විධායක නිලධාරී බෙන්ජමින් වෑන් රූයන් මහතා (Mr.Benjamin Van Rooyen), ජනාධිපති නීතිඥ අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා,(Mr.Sumathi Dharmawardhana), නීතිඥ රජිත අලුවිහාර මහතා (Mr.Rajitha Aluvihara), රග්බි ස්ථාවරකරණ කමිටුවේ සභාපති චූලා ධර්මදාස මහතා, රග්බි ක්‍රීඩාවට අදාල සියළු කටයුතු සම්බන්ධව අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරක අසර්දීන් මහතා, අමාත්‍යාංශ ලේකම් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී විය.
සටහන – නිෂ්මං රණසිංහ