වගකීම් විරහිත ආයතන සහ බාල ඖෂධ මාෆියාව ගැන විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රශ්න රැසක් ! (VIDEO)

Date:

රට තුළ අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අදාළ ප්‍රමිතීන් සපුරාලීම සහතික කරමින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කාර්යභාරය වන නමුත්, මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පාලකයින් විසින් ආයතනයේ සේවය කරනු ලැබූ අත්දැකීම් සහිත පුද්ගලයින් ආයතනයෙන් මුදා හරිමින් සිය අභිමතයන් පරිදි කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප්‍රශස්ථ ඖෂධ නියාමන ක්‍රියාවලියක් නොමැති වීම නිසා තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු ද පසුගිය කාලයේ වාර්තා විය.

විශේෂයෙන්ම මෙම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය දිනවල අහිතකර ඖෂධ ප්‍රතික්‍රියා (Adverse Reaction) ඇති වී ඇතැම් පුද්ගලයින්ට සිය ජීවිත පවා අහිමි වුණු අවස්ථා ද වාර්තා වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමු කරමින් ජනතාවගේ සෞඛ්‍ය සමඟ අධිකාරියේ පාලකයින් විසින් සිදු කරනු ලබන මෙවැනි ක්‍රියා පාලනය කිරීමට රජය කඩිනමින් කටයුතු කළ යුතුව ඇති බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

මේ පිලිබදව අවධානය යොමුකොට ස්ථාවර නියෝග අංක 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න රැසක් අසනු ලැබීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...