කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියට ආයෝජකයින් 11 දෙනෙක් සූදානමින් ඉන්නවා – ඩයනා

අපනයනය සඳහා කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියට ආයෝජනය කිරීම සඳහා දැනටමත් ආයෝජකයින් 11 දෙනෙකු ඉදිරිපත් වී සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“රට මොන තත්වයේ තිබුණත් මේ වෙනුවෙන් ආයෝජනය කරන්න ඇවිත් ඉන්නවා 11 දෙනෙක් දැනටම. ඉතින් ඒ 11ත් එක්ක අපි ඉදිරියට යනවා නියමු ව්‍යාපෘතියක් හැටියට. දැනට මම බලලා තියෙනවා අඩුම ගාණේ ඩොලර් බිලියන හතරක් – පහක් මේකෙන් රටට ලැබෙයි”

ප්‍රශ්නය – දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ කඹ ඇදිලි නිසා මේකත් ලත් තැනම ලොප් වෙයිද ?

“නෑ, මේක නම් මම ඉන්නකල් නම් ලත් තැනම ලොප් වෙන්න දෙන්නේ නෑ. අපි අර නිධානයක් උඩ ඉඳගෙන හිඟාකන ජාතියක් වගේ, හැමදේම අපට එහෙම අහක් කරන්න බෑ”

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...