කැටගොඩගේ පෞද්ගලික මන්ත්‍රී පනත TISL හෙළා දකී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන මැතිවරණයක් නොපවත්වා නැවත කැඳවීමට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) විසින් හෙළා දකී.

තවද, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යයට බලවත් මරු පහරක් වනු ඇති බවත් ,  නිවේදනයක් නිකුත් කරමින් TISL පෙන්වා දෙන්නේ එවැනි සංශෝධනයක් සම්මත කර ගැනීමට දරන ඕනෑම උත්සාහයක් සම්පූර්ණයෙන් පරාජය කළ යුතු බවත්, මෙම පියවරට විරුද්ධ වී ඔවුන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

“විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන (LGAs) මැතිවරණයක් නොපවත්වා නැවත කැඳවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) හෙළා දකී.

මෙම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති ජනතා පරමාධිපත්‍යයට දැඩි පහරක් වනු ඇතැයි TISL විශ්වාස කරයි. පළාත් පාලන මන්ත්‍රීවරුන් යනු බිම් මට්ටමේ මහජන නියෝජිතයන්ය. ජනතා වරම පළාත් පාලන ආයතන තුළ පිළිබිඹු වීමට විධිමත් මැතිවරණ අත්‍යවශ්‍ය වේ.

මීට අමතරව, ජාතික මැතිවරණ ඇතුළුව නියමිත වේලාවට මැතිවරණ පැවැත්වීම වැළැක්වීම සඳහා නීතිමය රාමුව අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානමක් නිර්මාණය කරන බැවින් මෙම සංශෝධනය නරක පූර්වාදර්ශයක් සපයයි. මෙය රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති කර ගැනීමට හේතු විය හැකි අතර, නීතියේ ආධිපත්‍යය කෙරෙහි ද ඍණාත්මක ඇඟවුම් ඇත

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...