පුනර්ජනනීය බලශක්තිය ගැන අවධානය යොමු කරන්න – ජනපතිගෙන් උපදෙස්

Date:

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පෙරවරුවේ පවත්වා තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදීයි.

රටේ වත්මන් තත්වය පිළිබඳව මෙන්ම ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන ආකාරය පිළිබඳවද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

අපනයන ආදායම ඉහළ දැමීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දීර්ඝ ලෙස දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ නිළධාරීන් පිරිසක්ද මෙම රැස්වීම සඳහා සහභාගි වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...