*
Saturday, December 28, 2024
spot_img

Latest Posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි සිරකරුවන් ඇපමත මුදා හැරීම පිළිබඳ යුරෝපා සංගමයේ ප්‍රසාදය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට පත්ව සිටි සිරකරුවන් ඇපමත මුදා හැරීමට රජය ගත් තීරණය පිළිබඳව යුරෝපා සංගමය සිය ප්‍රසාදය පළකර තිබේ.

එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන එක්කිරීමේ ක්‍රියාවලිය සහ මානව හිමිකම් ආශ්‍රිත කරුණු වලදී සිවිල් සමාජයේ තීරණාත්මක සහභාගීත්වය ලබා ගත යුතු බවත් එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් යුරෝපා සංගමය අවධාරණය කරයි.

කෙසේවෙතත්, හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක් මඟින් පෙන්වා දෙන්නේ, දීර්ඝ කාලීන අත්තනෝමතික රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම් සඳහා මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවයි.

යුරෝපා සංගමය ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් වෙළඳ පාර්ශවකරුවන් සහ අරමුදල් සැපයුම්කරුවන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්, මෙම හානිකර නීතිය අවලංගු කිරීමට සහ ඊට එක්කරන්නේ යැයි කියන ප්‍රතිසංස්කරණ පිළිබඳව රජයේ අපැහැදිලි පොරොන්දු ප්‍රතික්ෂේප කිරීමට බලපෑම් කළ යුතු බවත් එම වාර්තාව හරහා යෝජනා වෙයි.

පිටු 59 කින් සමන්විත In a Legal Black Hole’: Sri Lanka’s Failure to Reform the Prevention of Terrorism Act නම් එම වාර්තාවේ, දෙමළ හා මුස්ලිම් ඇතුළු සුළුතර ප්‍රජාවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස යොදා ගැනීමට සහ සිවිල් සමාජ කණ්ඩායම් මර්දනය කිරීමට රජය කටයුතු කිරීම යන චෝදනාවට අදාළව කරුණු දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව 2018 සිට හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් සිදුකරන ලද පර්යේෂණයක් සමඟ, 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා පවත්වන ලද සම්මුඛ සාකච්ඡා සහ අධිකරණ වාර්තා පිරික්සීම මත පදනම්ව මෙම වාර්තාව සම්පාදනය කර ඇත. මෙම වාර්තාවට අදාළව නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ද තොරතුරු ලබා ගැනීමට එම සංවිධානය කටයුතු කර ඇති අතර, මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ලද ප්‍රතිචාරය වාර්තාවට ඇතුළත් කර ඇත.

යුරෝපා සංගම් වෙළඳපොලේ විශේෂ තීරුබදු රහිත ප්‍රවේශයන් ලබා දෙන GSP+ සහනය යළි ලබා ගැනීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ඉකුත් යහපාලන රජය විසින් පොරොන්දුවක් ලබා දුන් අතර, වත්මන් රජය මඟින් එය බැහැර කළේය.

පසුගිය පාලනය විසින් අදාළ පනත අහෝසි කිරීමට ලබාදුන් පොරොන්දුව වත්මන් රජය විසින් බැහැර කිරීම පිළිබඳව ද මෙම වාර්තාවේ දැක්වෙන අතර, එමඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පැහැදිලිව නිර්වචනය නොකළ “නීති විරෝධී ක්‍රියාකාරකම්” සඳහා වරෙන්තු ලබා ගැනීමකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර මාස 18ක් දක්වා රඳවා තබා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවසර ලබා දෙන බවයි.

මෙමඟින් සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, ඔවුන් විවිධ අපයෝජනයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට උපකාර වන ආරක්ෂණ ඉවත් කර දමා ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. හියුමන් රයිට්ස් වොච් සංවිධානය මෙම තත්ත්වය “නීතියේ කළු කුහරයක්” නිර්මාණය වීමකට සම කරයි.

ශ්‍රී ලංකාවේ 1983 – 2009 දක්වා කාලය තුළ පැවති සිවිල් යුධ තත්ත්වයේ දී එල්ටීටීඊ සංවිධානයට සහාය දැක්වූ හා එහි සාමාජිකත්වය දැරූ බවට සැකකෙරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මෙම පනත යොදාගත් අතර, 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව එම සිදුවීමට සම්බන්ධ මුස්ලිම් අන්තවාදී සංවිධානය හා සබඳතා තිබෙන බවට සැකකෙරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද එය යොදාගත්තේය.

ඉකුත් වසර තුනක පමණ කාලය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් 600 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කර ඇති අතර, මොවුන්ගෙන් බොහොමයක් දෙනාට නඩු පවරා තිබේ.

මේ අතර, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට පත්වූ නීතීඥ හජාස් හිස්බුල්ලා මහතා ඇපමත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (07) දින නියෝග කළේය. හිස්බුල්ලා මහතා ට ඇප ලබාදීම පුත්තලම් මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබූ මුත්, ඔහුට ඇප ලබා දීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියමින් 2020 අප්‍රේල් 14 වනදා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර මාස 18ක පමණ කාලයක් රැඳවුම් නියෝග යටතේ රැඳවුම් භාරයේ තබාගෙන සිට පසුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි. අවසානයෙහි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි නොමැති වීම නිසා ඔහුට නඩු පැවරුණේ අන්තවාදී දේශනයක් සිදුකිරීම සම්බන්ධයෙනි.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan