ගෝඨාභය ජනාධිපති ධුරයෙන් පැන්නූ දැවැන්ත ජනතා අරගලයට වසරයි !

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් මෙන්ම රටින් ද පළා යාමට සිදුවන සේ දියත් වුණු දැවැන්ත මහජන අරගලයට අදට (09) වසරක් සපිරේ.

රටේ පැවති දරුණු ආර්ථික අර්බුදය හමුවේ පීඩාවෙන් පීඩාවට පත්ව, ඉවසීමේ සීමාවට ළඟා වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් 2022 ජුලි 09 වනදා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතා පැවැත්වූහ.

විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය අත්පත් කරගැනුණු අතර ජනාධිපති මන්දිරයේ රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ අවසන් මොහොතේ නැවකට නැඟ පළා ගියේය.

ඒ ජනතා අරගලය 1953 හර්තාලයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ දැවැන්තම දේශපාලන අරගලය වශයෙන් හැඳින්විය හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...