චිචීගේ සාර්ථකත්වයට ඉරිසියා කරන්න එපා, තමන් මහන්සි වෙලා වැඩකරන්න – එරන්ද ගිනිගේ (VIDEO)

0
6866

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කරමින් සිටින බවත් එසේ කරනවා වෙනුවට ඔවුනුත් තම තමන් වෙහෙස වී වැඩ කර දියුණු විය යුතු බවත් වියත්මග සංවිධානයේ ප්‍රබල සාමාජිකයකුව සිට, මෑතකදී ඉන් ඉවත් වූ එරන්ද ගිනිගේ මහතා අවධාරණය කරයි.

එරන්ද – “දැන් මම දන්න තරුණයෝ ඉන්නවා ඒ තරුණයෝ තනියම මහන්සියෙන් පොඩි බිස්නස් එකක් පටන් අරගෙන, බයික් එකක් අරගෙන, වාහනයක් අරගෙන, මහන්සි වෙලා තමන්ට නැගිටින්න උත්සාහ කරන තරුණයො ඉන්නවා. ඒගොල්ලො එහෙම ඉන්නකොට ජේවීපී එක ඇවිල්ලා කියනවා ඕගොල්ලොන්ට මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ මේ රාජපක්ෂලා නිසා හරි ආණ්ඩුව නිසා හරි මොකක් හරි කියලා, අර මනුස්සයාගෙ තියෙන ධෛර්යය, උනන්දුව, උත්සාහය, කැපවීම ඔක්කොම නැතිකරලා දානවා”

ඉරාජ් – “ඊට පස්සෙ ඒගොල්ලන් සෝෂල් මීඩියාවල චිචී බේබි මොනවද කරේ, අරයා මොනවද කරේ කිය කියා …. “

එරන්ද – “මොකටද මේ අනිත් මිනිස්සුන්ගෙ ජීවිත … අපිට මොකද ? හූ කෙයාස් ? රයිට් ? ඒ කියන්නෙ ඒගොල්ලො ඒ අය ගැන වැඩිපුරම කතා කරන්නෙත් අන්තිමට ජේවීපීකාරයො. හරිද ? වී ඩෝන්ට් කෙයා, රයිට් ? ඉතිං ඒකයි. ඒ අනිත් මිනිස්සුන්ගෙ ජීවිත දිහා බලලා, ඒවාට ඉරිසියා කරගෙන, වෛර කරගෙන ඉන්න එක නෙවෙයි මේ සාර්ථකත්වයට මාර්ගය. සාර්ථකත්වයට මාර්ගය තමයි තමන් මහන්සි වෙලා වැඩකරන එක”

එරන්ද ගිනිගේ මහතා මේ බව පැවසුවේ ඉරාජ් වීරරත්න සමග යූටියුබ් සංවාදයකට එක්වෙමිනි. තනිකරම ජනතා විමුක්ති පෙරමුණට පහර ගැසීම සඳහා නිර්මාණය කර ඇති අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here