විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඩෙංගු මර්ධන නිලධාරීන් අතර හමුවක්

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඩෙංගු මර්ධන නිලධාරීන් අතර හමුවක් ඊයේ (11) විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැත්විණි.

එහිදී, ඩෙංගු මර්ධන කාර්යයේ නිරත වන නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරිමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එකඟත්වය පළ කළද එයට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් මීට පෙර ද එවැනිම කැබිනට් පත්‍රිකා ගණනාවක් ප්‍රතික්ෂේප වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පවතින ආර්ථික අර්බුධය හමුවේ නව රැකියා ලබා දීම අපහසු වුවද මෙම පිරිස මීට වසර 7කට පෙර මෙරට ඩෙංගු මර්ධන ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් 22000ක දීමනාවක් යටතේ බඳවා ගත් රාජ්‍ය සේවකයන් බැවින් දින 180 සීමාව යටතේ ස්ථිර කිරීම සිදු කළ යුතුව පැවැතියතද එය ක්‍රියාත්මක නොවූ හෙයින් නිලධාරීන් 1105ක් අගතියට පත්ව ඇති බවත් මෙම නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් ඉදිරියේදී පවා තමන් සටන් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා ලෙස සිටි කාලයේ බඳවා ගත් මෙම නිලධාරීන් විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරණ බව පරකාශ කළ විපක්ෂ නායකවරයා, දේශපාලන පළිගැනීමකට ලක් වූ මෙම පිරිසට සාධාරණයක් ඉටු කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අපොහොසත් වුවහොත් ඉදිරියේ දී බිහිවන සමගි ජන බලවේග රජයක් යටතේ එම පත්වීම් ස්ථිර කිරිමට නිසැකයෙන්ම කටයුතු කරන බව ද අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...