රට බංකොලොත් වීම ගැන හොයන්නෙත් කපුටු කමිටුවක් – ගම්මන්පිල

කොළඹ LNW:රට බංකොලොත් වීම පිළිබද සොයාබලන කමිටුව කපුටු කමිටුවක් හෙයින් එය ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂය ලෙස තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එම කමිටුව හරියට කරවල අතුරුදහන් වීම ගැන සොයා බැලීමට පූසන් පත්කළා වැනි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”බැසිල් රාජපක්ෂ රටේ අර්බුදයක් හැදුවේ. ඒ ඔහුට මැතිවරණයෙන් ජනාධිපතිවෙන්න බැරි නිසා ඔලුගෙඩි වලින් ජනාධිපති වෙන්න.අපි මේ අර්බුදය එන්න කලින් අපි විසදුම් කිව්වා ක්‍රියාත්මක කළේ නෑ.අර්බුදය කළ කෙනාගේ ගෝලබාලයන් දාලා තියෙන එකට අපිට සම්මාදම් වෙන්න බෑ.අර්බුදය කළමනාකරණය කිරීම හිතාමතා මග ඇරියේ බැසිල් රාජපක්ෂ. කරවල අතුරුදහන් වීම පිළිබද සොයාබලන්න පූසන් විතරක් පත්කිරීම වගේ මේක මේ කමිටුවත්.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...