මේක මහ නොසන්ඩාල වැඩවර්ජනයක්. සෞඛ්‍ය සේවකයින් කාලකන්නි වෙන්න හොඳ නැහැ – වෛද්‍ය බෙල්ලන (VIDEO)

Date:

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් විසින් ගෙන යන මෙම වැඩවර්ජනය නොසන්ඩාල මෙන්ම ඛේදනීය තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

ඒ, අද (8) දිනයේදීත් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වැඩවර්ජනය ගැන අදහස් දක්වමිනි.

දැන් මෙම වැඩවර්ජන වල නිමාවක් තිබිය යුතු අතර වැඩවර්ජන හරහා බලාපොරොත්තු වන්නේ රජය මෙල්ල කිරීම නම් ඊට රෝගීන් යොදනොගෙන වෙනත් ක්‍රම යොදාගන්නා ලෙසයි වෛද්‍ය බෙල්ලන මහතා සඳහන් කළේ.

වෘත්තීය සමිතිවල අවසන් තුරුම්පුව වන්නේ වැඩවර්ජන වන බවත් මෙහි පවතින විශේෂත්වය වන්නේ වෛද්‍ය වෘත්තිකයින් යැයි කියා ගන්නා වෘත්තීය සමිති වැඩවර්ජන සිදුකරන්නේ රෝගී ජනතාවට එරෙහිව වීම බවද හෙතෙම කියාසිටියේය..

”අවුරුද්දකට සැරයක් වගේ නම් මෙහෙම ස්ට්‍රයික් එකක් යන්නේ එය සාමාන්‍ය තත්ත්වයක් වගේම සාධාරණයක් තියෙන්නේ පුළුවන්. නමුත් දැන් එක මාසෙක එක වෘත්තීය සමිතියක් ඊළඟ මාසේ තවත් වෘත්තීය සමිතියක් විදිහට ස්ට්‍රයික් කරනවා. මේක නොසන්ඩාල තත්ත්වයක්.දැන් වෙලා තියෙන්නේ වෘත්තීය සමිතිවල ප්‍රශ්න විසදීම නෙවෙයි වෘත්තීය සමිති නිසා රටේ ඇතිව තිබෙන ප්‍රශ්න විසඳීම.මෙතන සාධාරණ ඉල්ලීම් දෙක තුනකුත් තිබෙනවා. ඒ අතරට රජයකට දෙන්න බැරි ඒවත් දාලා තියෙනවා.

සෞඛ්‍ය සේවකයන් කාලකන්නි බවට පත්වෙන්න හොඳ නැහැ. අපි දේශපාලනය කළ යුතුයි. අපි හැමෝටම දේශපාලනයක් තිබිය යුතුයි. ඒක පුද්ගලිකයි. පුද්ගලික දේශපාලනය මුළු වෘත්තීය සමිතියකටම යොදවාගෙන වෘත්තීය සමිතිය දේශපාලන ඉලක්ක සඳහා ගෙනයාම සම්පූර්ණ වැරදියි. මේ තත්ත්වය අපි අඩුම තරමේ පසුගිය අවුරුදු හය හත තුළ ඉඳන්ම අපි දකිනවා. මේකේ පුරෝගාමියා,මුලාරම්භකයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඔවුන් ලබා දුන්න ඒ ආදර්ශය මත තමයි අදටත් මේ කටයුතු වෙන්නේ. ඒ නිසා කරුණාකරලා මම ඉල්ලා සිටිනවා මේ කරන පාපිෂ්ඨ ක්‍රියාව නතර කරන්න ඕනේ. අපි හිතනවා ඒ යටත් සාධාරණය ඉල්ලීම් එතන තිබෙනවා. ඒ ඉල්ලීම් මම හිතනවා අපි සාකච්ජා කළ යුතුයි. ඔයාලට බැරි නම් අපි ඉදිරිපත්වෙන්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය හැටියට. සාධාරණ ඉල්ලීම් ජයග්‍රහණය කරලා දෙන්න පුළුවන්. හැබැයි දේශපාලනික වශයෙන් මේ වෘත්තීය සමිති මෙහෙයවන්න ඉඩදෙන්න එපා.” යනුවෙන් බෙල්ලන මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...