ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද උදෑසන 09.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙනු ඇත.

ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

RN