මෛත්‍රී ආණ්ඩුවේම එල්ලී ගොඩයන තීන්දුවක …

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොහොම හරි ආණ්ඩුවේම එල්ලිලා ඉදිරි දේශපාලන කටයුතු කරන්න තීරණය කරලා ලු.

ඒ අනුව ආණ්ඩුවට එකතුවෙලා ඇමතිකම් ගත්ත ශ්‍රීලනිප කණ්ඩායමට නැවතත් ශ්‍රීලනිපයේ තනතුරු ලබාදෙන්නත් සූදානම් වෙලා ඔවුන්ව කැඳවලා රහසිගත සාකච්ඡාවක් තියන්න දින නියම කරගෙන ලු. රහසිගතව කරන්න ගියාට මේ වැඩේ තිලංග සුමතිපාලට ආරංචි වෙලා ලු. තිලංග මේක පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකරටත් කියලා දෙන්නාත් එක්කම මෛත්‍රීපාල සිරිසේන මහතාව මුණගැහෙන්න ගිහින් මේ සාකච්ඡාව පවත්වන්න එපාය කියලා සෑහෙන බලපෑමක් කළත් මෛත්‍රී ඒකට එකඟවෙලා නෑ කියලා ආරංචියි.

මේ තත්වය යටතේ ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට පැනපු සෙට් එකට විරුද්ධව තදින්ම ක්‍රියාමාර්ග ගන්න ඕනෙ කියන තැන හිටපු තිලංගයි, දයාසිරියි දැන් තනිවෙලා කියලා තමයි කතාව යන්නේ.

කොහොම වුණත් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දවස්වල ඉන්නේ නඩු කිහිපයකම පැටලිලා ඒවායින් ගොඩයන ක්‍රමයක් කල්පනා කර කර කියන එක කාටත් රහසක් නෙවෙයි නෙ …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...