චමෝදිගේ මරණය ගැන හොයන්න පංච පුද්ගල කමිටුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආන්දෝනාත්මක ලෙස පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී  මියගිය චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර ඇතැයි වාර්තා වේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එම කණ්ඩායම හෙට දිනයේ පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය .

කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලදී අදාළ තරුණියට ලබාදුන් එන්නත මරණයට හේතු වී නොමැති බව හෙළිව ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර , ඔහු සඳහන් කළේ විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් එය සැකහැර තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකි වනු ඇති බවයි .

අමාත්‍යවරයා  පැවසුවේ, අදාළ එන්නත ලබාදුන් 12 දෙනෙකු මේ වනවිටත් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි .

චමෝදි සංදීපනී යන තරුණිය පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබුණේ පාචන රෝග තත්ත්වයක් හේතුවෙනි . ඉන් අනතුරුව, එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. ඇයට ලබාදුන් එන්තකින් පසුව ඇය රෝගී වී මිය ගිය බව ඇයගේ, මව සහ පියා ඇතුළු ඟාතීන් කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...