කිරිපිටිවල ගුණ-අගුණ දන්නව නං මිනිස්සු පෝලිම්වල රස්තියාදු වෙන්නෙ නෑ – දිළුම් අමුණුගම

Date:

දේශීය ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය තරම් දියර කිරි තිබියදී පැය ගණන් පෝලිම්වල රස්තියාදු වී විදේශීය කිරිපිටි මිලදී ගැනීමට ජනතාව පෙළඹෙන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලුවක් බවත්, දියර කිරි තිබියදී කිරිපිටි පරිභෝජනය වැඩිවීම කණගාටුවට කරුණක් බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

අද මහනුවරදී පැවති උත්සවයකට සහභාගිවෙමින් ඇමතිවරයා සඳහන් කළේ කිරිපිටිවල අඩංගු දෑ පිළිබඳව, ඒවායේ ගුණ අගුණ පිළිබඳව නිවැරදිව අබෝධයක් තිබෙන කිසිවෙකුත් පෝළිම්වල රස්තියාදු වී කිරිපිටි මිලදී ගැනීමට කටයුතු නොකරන බවයි.

කිරිපිටි ශරීරයට අහිතකර බව මාධ්‍ය මගින් කෙතරම් දැනුවත් කළද ජනතාව ඒ පිළිබඳව අවබෝධ කර නොගන්නා බව පෙන්වා දෙන අමුණුගම මහතා පවසන්නේ, කිරිපිටි පෝලිම්වල සිටින ජනතාවට කැමරාව දිගුකර දැන් සැපදැ’යි ඇසීමට වඩා කිරිපිටි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මාධ්‍යවේදීන්ගේද වගකීමක් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...