*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

බර ඉර බටු තරුව මෙවරත් රිදියෙන් නම සළකුණු කරයි

වර්ෂය 2006.දිනය මාර්තු 17,ස්ථානය මෙල්බර්න් නුවර ඕස්ට්‍රේලියාව….
පැවත්වෙමින් තිබෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර එසවිමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 62 බර පංතියේ තරගයේ තරග වදින ශ්‍රී ලාංකික තරුණයා ශ්‍රී ලංකාවේ බර එසැවීමේ ක්‍රීඩාවේ ඉතිහාසය වෙනස් කරමින් එහි රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙයි.පොළොන්නරුවෙනුත් එපි ඈත දුෂ්කර ගමක උපන් චින්තන ගීතාල් විදානගේ නම් වූ ඔහු අද වයස 41 ක් වුවත් ඒ බර එසැවීමේම නියැලෙයි.අලුත් පැලවලට ඉඩ දෙමින් තමන්ගේ බර පංතිය වැඩි කර ගනිමින් ඉදිරියට යන චින්තන මේ මොහොතේ ඉන්දියාවේ පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර එසැවීමේ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 89 බර පංතියේ රිදී පදක්කම දිනා ගන්නට සමත් විය.එය අපූරු වන්නේ ද වැදගත් වන්නේ ද රන් පදක්කමක් ඉක්මවා යන්නේද 2006 න් පසු ඔහු ශ්‍රී ලංකාවේ බර පංතියේ කේෂ්ත්‍රය තුළ ඇති කළ ජයග්‍රාහී හැඟීම නිසාය.සමහර ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලවල් සඳහා සයලු ක්‍රීඩාවන් සමඟ සහභාගි වන අප පදක්කම් සටහනේ ඉඩ බර නිසා පමණක් හදාගෙන ආ අවස්ථා ද අනතුරුව උදා විය.ඒ සියල්ලට මඟ පෙන් වූ ඉරබටු තරුව වුයේ 2006 දී චින්තන දිනූ බර එසැවීමේ පදක්කමය.

ඉන්දික දිසානායක


විශේෂයෙන් චින්තනගේ මඟ පෙන්වීමෙන් පොළොන්නරුව බර එසැවීමේ පෝෂණ කලාපයක් බවට පෙරැළිණි.මේ මොහොතේත් චින්තන බර එසැවීමේ රිදී පදක්කම දිනා ගත් තරගාවලියේ මේ දක්වා දිනා ඇති එකම රන් පදක්කම හිමි කර ගන්නේ ද පොළොන්නරුවේ මලීශ ඩිල්ෂාන් කරුණරත්නය.ඔහු කණිෂ්ඨ තරග අංශයේ කිලෝ ග්‍රෑම් 73 බර පංතියේ ජයග්‍රාහකයා වන්නේය.අංජු සිල්වා ද කණිෂ්ඨ අංශයේ කිලෝ ග්‍රෑම් 61 බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගන්නා පොළොන්නරු වැසියෙකි.චින්තන හරහා කුරුණෑගල සැකසි සහ පොළොන්නරුවේ සැකසි බර එසැවුම් පුහුණුකිරීමේ සංස්කෘතියෙන් අද පදක්කම් ලබන ජයග්‍රාහකයන් බොහෝ දෙනෙක් ගුරුහරුකම් ලැබූ බව නිබොරුය.නැතිනම් චින්තනගේ 2006 ජය හරහා සහ අනතුරුව ඒ හරහා ඇති වූ බර එසැවීමේ ජයග්‍රහණ පිපාසාවන් හරහා පැමිණි දක්ෂයන් ආදර්ශයට ගෙන ජය ගන්නෝද බර එසැවීමට යොමු වන්නෝ ද වැඩි වෙමින් ඇත.ඇත්ත එබඳුය.

මලීශ දිල්ෂාන්
අංජු සිල්වා

ඉන්දික දිසානායක වැන්නන් අද පරම්පරාවේ දක්ෂතාවය පියවර ගණනක් ඉදිරියට ගෙන ගොස් ඇත.ඔහු මෙවර දිනපු පොදු රාජ්‍ය මණ්ඩලීය බර එසැවීම් තරගාවලි ලෝකඩ පදක්කම හය වැනි පදක්කමය.එසේම ශ්‍රීමාලී සමරකෝන් ද මෙවර යළිත් රිදී පදක්කමක් දිනා ගත්තේය.මේ වන විට එසේ දිනා ගත් පදක්කම් සටහනට අශිනි සුරංගි වික්‍රමසිංහ,සංජනා වෙදආරච්චි,කමල් එගොඩවත්ත,ආර්.ඩබ්ලිව්.එම්.රශ්මිත,කේ.බී.වෙනුර,ටී.එම්.එන්.එස්.දිසානායක සහ යාපා පටුනෙන් නැඟෙන අලුත් බලාපොරොත්තුවක් වන කෝෂියා තෙරුමාන් ද වෙති.

සංජනා වෙදආරච්චි
ශ්‍රීමාලි සමරකෝන්
කෝෂියා තෙරුවාන්


මේ අතර දිලිනි මධුශිකා ට මෙවර තරගාවලියට සහභාගි වී එම ඉසව්ව නියෝජනය කරන්නට නොහැකි වෙනවා.ඒ තරග සංවිධායකයින්ගේ අතපසුවීමක් බව පැහැදිළියි.ඒ වෙනුවෙන් පෙනී සිටීමට මෙම බර එසැවීමේ කණ්ඩායම සමඟ කළමණාකරුවෙක් සහභාගි කරවීමට වත්කමක් නොතිබීම රටේ ක්‍රීඩාව පත්ව තිබෙන ඛේදවාචකය තේරුම් ගැනීමට අමාත්‍යවරයාගේ නරිවාදන්වලින් නොහැකි බව පැහැදිළි කිරීමක්.දිලිනි ආධුනික ගීත ප්‍රසංගයකින් එම සංචාරයට මුදල් සෙවූ ආකාරයටම මෙහි සහභාගි වූ බොහෝ දෙනා දුක් මහන්සියෙන් පුහුණුවට යොදන කාලයට සමාන කාලයක් මුදල් හොයන්නත් යොදවා මේ සංචාරයට සහභාගි වී තිබෙනවා.ඒ නිසා සමහර විට ප්‍රතිපල අඩුවෙන් පෙනෙන්නටත් ඉඩ තිබෙනවා.චින්තනලා බර ඉසිලීම සඳහා ප්‍රායෝගිකව හදපු මාර්ගයේ ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආවත්,දේශපාලනය එන්නේ ඒ මාර්ග ඔස්සේ නෙමෙයි.චින්තනගේ හැකියාවට පොළොන්නරුවට ලැබුණ සහ නොදී බැරි වූ බොහෝ දේ ඇතත්,අවාසනාවට ලැබුණ ක්‍රීඩා ඇමකිවරයෙක්ගේ කටමැත දෙඩීමෙන් ඔබ්බට ක්‍රීඩාව ගමන් නොකරන තත්ත්වයක චින්තනගේ ක්‍රීඩා භූමිකාව අවසන් කිරීමේ තැනට ළඟා වී තිබෙන බව පැහැදිළියි.
අප යෝජනා කරන්නේ බර එසැවීම් අහසේ චින්තන ක්‍රීඩකයාගේ භූමිකාවෙන් සමු ගත්තද,ඉරබටු තරුව ව දිදිලීම නොනැවතීම තිබිය යුතු බවයි.එසේම තිබෙන බවයි.වර්ථමානය පැහැපත් වන සියලු මූලයන් ඔහුගේ පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම හරහා ලැබුණ බව ඉතිහාසයේ හැමදාම නොමැකී තිබෙන බව සහතිකව කිව හැකියි.චින්තන අද වන විට බොහෝ තරුණ ක්‍රීඩකයන්ගේ විශේෂඥ උපදේශකයා ලෙස කිවහොත් එය නිවැරදියි.චින්තනගේ චින්තනය ද නිරන්තරයෙන් අලුත් වෙන බැවින් චින්තන තව දුරටත් වියපත් වන්නට පෙර ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ පුහුණුවට සහ පරිපාලනයට දායක කර ගැනීම වැදගත් වෙනවා.ඒ නිසා චින්තන දැන් ඔබ පදක්කම් දිනා දුන්නා ඇති.එසේම ඔබ ඉඩ හසර හදමින් දිනා දුන් තව පදක්කම් තිබෙන බව ද අපි දනිමු.ඉදිරියේදී පදක්කම් වැඩ පිළිවෙලකට ඔබේ මඟ පෙන්වීම රටට අවශ්‍යය කර තිබෙන බව අපේ විශ්වාසය වන්නේය.බර එසැවුමු සංගමය ද මේ ගැන අප විමසූ විට කීවේ චින්තනට විදේශ දැණුමක් පුහුණුව සම්බන්ධයෙන් දිය යුතු බවත් අප පවසන හැටියටම වර්ථමාන ප්‍රබෝධයට මඟ පෙන්වූ ඉරබටු තරුව චින්තන බව ඔවුන්ද අවිවාදයෙන් පිළිගන්නා බවත්ය.එහෙනම් තරුව එසේම අහසේ තිබියදී මඟ පෙන්වීමේ රාජකාරිය වෙනස් කර ශ්‍රී ලංකාවේ බර එසැවීමේ දිශානතිය තව තවත් පැහැබර කරන තැනකට සේන්දු කරනවා දැකීම අපේ පැතුමය.
චින්තන දැන් ඉස්සුවා ඇති,නිල වශයෙන් උස්සවන්නට පටන් ගනිමු.

අශිනි වික්‍රමසිංහ

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan