යුරෝපයට යාමට උත්සහ කිරීමේදී දරුවන් 300ක් පමණ දියේ ගිලී මරුට

Date:

මෙය 2022 පළමු භාගයේ වාර්තා වූ මරණ සංඛ්‍යාවට දෙගුණයක වැඩිවීමකි.

පසුගිය මාස හයක කාලය තුළ යුරෝපයට යාමට උත්සහ කිරීමේදී අවම වශයෙන් ළමුන් 289ක් පමණ දියේ ගිලී මිය ගිය බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය (UNICEF) වාර්තා කර තිබේ.

ඔවුන් මෙම මරණ වලක්වාගත හැකි මරණ වශයෙන් ඔවුන් සඳහන් කර තිබු අතර මෙය 2022 පළමු භාගයේ වාර්තා වූ මරණ සංඛ්‍යාවට දෙගුණයක වැඩිවීමකි.

මේ සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය සඳහන් කර තිබුණේ, ගැටුම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ළමයින් මධ්‍යධරණී මුහුද හරහා රැගෙන යාමට වැඩිහිටියන් කටයුතු කළ බවයි.

ඇස්තමේන්තු කර ඇති පරිදි 2023 වසරේ පළමු මාස ​​හය තුළ ළමුන් 11,600ක් නිරුපද්‍රිතව ගොඩබැස ඇති අතර ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සංක්‍රමණය සහ අවතැන්වීම් පිළිබඳ යුනිසෙෆ්හි වෙරීනා ක්නාස් ප්‍රකාශ කර තිබුණේ මධ්‍යම මාර්ගය හරහා යුරෝපයට පැමිණෙන සියලුම ළමයින්ගෙන් 71% සහයකයෙකු නොමැතිව අවතැන් වූ අය වශයෙන් හඳුනා ගෙන ඇති බවයි. එමෙන්ම මෙහිදී තනිව ගමන් කරන ගැහැණු දරුවන් ගමනට පෙර අතරතුර හා පසු ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරුව ඇති බවද ඇය විසින් ප්‍රකාශ කර තිබුණි.

මෙලෙස අනාරක්ෂිතව හා අවිධිමත්ව සංක්‍රමණය වන දරුවන් අතරමගදී රඳවා තබා ගැනීම, අහිමි කිරීම, වධහිංසා පැමිණවීම, ජාවාරම්, ප්‍රචණ්ඩත්වය, සූරාකෑම සහ ස්ත්‍රී දූෂණවලට නිරාවරණය විය හැකි බැවින් යුරෝපයේ ආරක්ෂාව ලබා ගැනීම සඳහා දරුවන්ට ආරක්ෂිත, නීත්‍යානුකූල සහ ප්‍රවේශ විය හැකි මාර්ග පුළුල් කිරීමේ අවශ්‍යතාවය වෙරීනා ක්නාස් වැඩිදුරටත් අවධාරණය කර තිබිණ.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය