චමෝදිගේ මරණය : පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට දුන් එන්නත් කාණ්ඩයක් භාවිතය අත්හිටුවයි

Date:

පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු 21 හැවිරිදි තරුණියක් මියයාමේ සිද්ධියට අදාළ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

මහනුවර රෝහලේදීත් අදාළ එන්නත ලබාදුන් රෝගීන් දෙදෙනෙකු අසාත්මිකතා පෙන්නුම් කිරීම නිසා පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට නිකුත් කර ඇති එම එන්නත් කාණ්ඩයේ තොග භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි ඒ මහතා සඳහන් කළේ.

“පේරාදෙණිය රෝහලේ Ceftriaxone ඖෂධය ලබාදීම නිසා මියගිය දරුවාගේ ඒ මියයෑම පිළිබඳව මා වෙතින් ප්‍රශ්න කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී එම ඖෂධය භාවිතයෙන් ඉවත්කරනවාද නැද්ද යන්න මා විසින් ප්‍රශ්නයක් නැගුවා. ඒ අවස්ථාව වන විට ඒ මියගිය දරුවාට ලබාදුන් ඒ Ceftriaxone ඖෂධය ඒ වේලාවේදී අපිට වෙනත් නැත්වලින් එම ඖෂධය ලබාදීම නිසා අසාත්මිකතාවයන් වාර්තා වී නොතිබුණ නිසා අපි ඒ වෙලාවේදී එම ඖෂධය භාවිතයෙන් ඉවත්‌ නොකිරීමට තීරණය කර තිබුණේ. නමුත් මේ වනවිට නැවතවරක් මහනුවර රෝහලේ දී තවත් ඒ ඖෂධයම පාවිච්චි කරන විට රෝගීන් දෙදෙනෙකුට ආසාත්මික තාවයන් පැමිණ තියෙනවා. ඒ ආසාත්මික තාවයන්ට අපි අවශ්‍ය ප්‍රතිකා ලබාදීලා ඒ රෝගීන් සියලුදෙනාම ප්‍රකෘති තත්ත්වයේ ඉන්නවා. ඔවුන්ට කිසිම හානියක් නැහැ. නමුත් පේරාදෙණිය රෝහලට සහ මහනුවර රෝහල ඇතුළු ලංකාවේ අනෙක් රෝහල්වලට මෙම ඖෂධයේ කාණ්ඩය 10කට වැඩිය අපි බෙදාහැරලා තියෙනවා. මේ වනවිටත් එම ඖෂධය එම රෝහල්වල දිගටම භාවිතා කරනවා. ඉතින් මහනුවර රෝහලේ ඒ ඇතිවූ සිද්ධියත් සමගම මහනුවර රෝහලටත් පේරාදෙණිය රෝහලටත් ලබාදී තිබූ කාණ්ඩවලට අයත් ඒ ඖෂධ තොගය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කළා. මේ පිළිබඳව ඖෂධ නියාමන අධිකාරියත්, අමාත්‍යවරයාත්, ඖෂධ භාරව ඉන්න අතිරේක ලේකම්වරයාත්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාත් සමග සාකච්ඡා කරලා රෝගීන්ගේ සුරක්ෂිත තාවය සඳහා තාවකාලිකව මෙම ඖෂධය තත්ත්ව රසායනාගාරයකට යවලා පරික්ෂාකරන තෙක්. මහනුවර රෝහලටත්, පේරාදෙණිය රෝහලටත් ලබාදී ඇති එම කාණ්ඩ තාවකාලිකව භාවිතය නතර කරන්න අපි තීරණය කරලා තියෙනවා. නමුත් අනෙක් කාණ්ඩ තවදුරටත් එසේම භාවිත කරන්න තීරණය කරලා තියෙනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...