*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

රටේ මිනිස්සු අද බත් ටික කාලා ඉන්නේ අපි ආණ්ඩුවට ගිහින් ඇමතිකම් ගත්තු නිසා – අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ආණ්ඩුව නියෝජනය කරනු ඇති අතර තවත් කොටසක් විපක්ෂය නියෝජනය කරමින් කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

“2015 දී ජනාධිපති හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉද්දීත් අපි එක කණ්ඩායමක් විපක්ෂයේ හිටියා, එක කණ්ඩායමක් ආණ්ඩුවේ හිටියා”

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂය නියෝජනය කරන පක්ෂයක් කියලා නේද කියන්නෙ ?

“කවුද කියන්නෙ ?”

ප්‍රශ්නය – නිදහස් පක්ෂයේ අය කියන්නේ විපක්ෂය නියෝජනය කරන්න ඕනෙ කියලා …

“ඔයගොල්ලෝ එහෙනම් ඔය කීපදෙනෙක්ගෙන් අහගෙන තියෙන්නෙ. අද මේ පොහොර ටික දීලා, මේ සේරම සේවාවල්වලින් රටේ මිනිස්සුන්ට අද බත් ටික කන්න පුළුවන් තත්වයක් අපි නිර්මාණය කලේ මේ ආණ්ඩුවට ගිහිල්ලා අමාත්‍ය ධුර භාරගත්තු නිසා”

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan