ගොවීන්ට පොහොර සහනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන මහ කන්නයේ දී සියලු ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් වෙනුවට ගොවි ගිණුම්වලට මුදල් නිකුත් කිරීමට ද රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි .

ඒ අනුව මහින්ද අමරවීර මහතා සදහන් කරන්නේ, ගොවි ජනතාවට සිය කැමැත්ත පරිදි පෞද්ගලික අංශයෙන් හෝ රජයේ පොහොර සංස්ථාව මඟින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි බවයි .

තවද, කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරන්නේ , එළැඹෙන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

අමාත්‍යවරයා පැවසූවේ , මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඇති අතර, ඒ සදහා ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...