*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

ධනංජයගේ 50 ට 100ක්

පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේදී පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සටන්කාමී ඉණිමක් දියත් කළ ධනංජය ද සිල්වා සිය ටෙස්ට් දිවියේ දහවන ශතකය ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉණිම ලකුණු 312 දක්වා ඔසවා තබන්නට දායක වුණා.ධනංජයගේ පනස් වන ටෙස්ට් තරගය මෙය වන අතර ඔහු ඇන්ජලෝ මැතිව්ස් (64) සමඟ එක්ව පස්වන කඩුල්ලට ලකුණු 131 සබඳතාවයක් පවත්වන්නට සමත් වුණා.

මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ 39 වන අර්ධ ශතකය සපුරමින් ධනංජයට ලබා දුන් සහය ශ්‍රී ලංකා ඉණිමේ ධන හැරවුම බවට පත් වුණා.
ඉනික්බිති ධනංජය පසුපෙළ සමඟ එක්ව ඉණිම ශක්තිමත් කිරීමේ වගකීම උරදුන් අතර ඒ සඳහා සදීර සමරවික්‍රම (38) හොඳ සහයක් ලබා දුන්නා.අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දු නොදැවී රැස් කළ ලකුණු 21 ද සමඟ ලකුණු 312 දක්වා ශ්‍රී ලංකා ලකුණු පූවරුව ඉහළ ගියා.

පකිස්තානය වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරණය ආරම්භයේදීම බිඳ දමමින් මුළු තරගයේදී ලකුණු 86 ට කඩුලු 3 ක් දවා ගත්තා.නසීම් ෂා ලකුණු 90 ට කඩුලු 3 ක් දවා ගනු ලැබුවා.ප්‍රභාත් ජයසූරිය පදනම් කරගෙන පකිස්තානයට එල්ලවෙන අභියෝගය ගැන ශ්‍රී ලංකාවට සතුටුදායක හැඟීමක් ඇති කරමින් අබ්රාර් අහමඩ් ලකුණු 68 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

පහතින් තරගයේ ලකුණු පූවරුවට පිවිසිය හැකියි.

https://www.espncricinfo.com/series/pakistan-in-sri-lanka-2023-1385664/sri-lanka-vs-pakistan-1st-test-1385685/live-cricket-score

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan