තවත් වනාන්තර අක්කර 67ක් අනතුරේ!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මේ වනවිට සිදුවන මහාපරිමාණ පරිසරය විනාශයන් සහ ඉඩම් මංකොල්ලයන් සිදුවන්නේ ආණ්ඩුව සකසා ඇති 2011 – 2048 ජාතික භෞතික සැලැස්මට අනුව බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ,අද (17) එන්. එම්. පෙරේරා ආයතනයේ දී, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී ය.

රජය මේ බව සඟවාගෙන තැනින් තැන පරිසර විනාශයන් ඔප් නංවමින් මහ සැලැස්ම සඟවමින් සිටින බවයි කාරියවසම් මහතා සඳහන් කළේ.

ජාතික භෞතික සැලැස්ම හේතුවෙන් ලංකාවේ මේ වන විට දිනකට වනාන්තර අක්කර 67 ක් පමණ විනාශ වන බවත් මේ හරහා ඉදිරියේදි ලංකාවේ ජලය පෞද්ගලීකරණය , ලංකාවේ ඉඩම් මංකොල්ලය ඇතුළු කාරණා සිදුවීමට නියමිත බවත් ඔහු පෙන්වාදුන්නේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි!

කොළඹ LNW:පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර...

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...