2030 දී 70%ක් පුනර්ජනනීය විදුලි උත්පාදනයකට ලඟාවිය හැකිද ?

0
181

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ඉලක්කය වන්නේ 2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීමයි. 

එම ඉලක්කයට සාර්ථකව ළඟාවීමට විව්ධ සැලසුම් මේ වනවිට සකස් කරමින් පවතින බව රජය පවසයි .

විදුලි උත්පාදන ඉලක්කය සපුරා ගැනීමේදී සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන මන්නාරම මේවන විට පුනර්ජනනීය විදුලි උත්පාදනයේ කෙන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර , පුනර්ජනනීය විදුලි උත්පාදනය සඳහා දැනට වැඩිම විදේශීය ආයෝජනය කර ඇති ඉන්දීය අදානි සමාගම මන්නාරම සහ පුනරීන් ප්‍රදේශ ආශ්‍රිතව මෙගාවොට් 480ක විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය පවසයි .

මේවන විට සාර්ථකව මන්නාරමේ ඉදිකර ඇති මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන තම්බපවනි විදුලි බලාගාරය ක්‍රියාත්මක වෙමින් පවතින අතර , මෙගාවොට් 103.5ක ධාරිතාවයෙන් යුත් එම බලාගාරයෙන් වාර්ෂිකව ජනනය කළ යුතු ගිගාවොට් පැය 404ක ධාරිතාව ඉක්මවමින් මේවන විට විදුලිබලය උත්පාදනය කරමින් පවතී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??