2030 දී 70%ක් පුනර්ජනනීය විදුලි උත්පාදනයකට ලඟාවිය හැකිද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ඉලක්කය වන්නේ 2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීමයි. 

එම ඉලක්කයට සාර්ථකව ළඟාවීමට විව්ධ සැලසුම් මේ වනවිට සකස් කරමින් පවතින බව රජය පවසයි .

විදුලි උත්පාදන ඉලක්කය සපුරා ගැනීමේදී සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන මන්නාරම මේවන විට පුනර්ජනනීය විදුලි උත්පාදනයේ කෙන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර , පුනර්ජනනීය විදුලි උත්පාදනය සඳහා දැනට වැඩිම විදේශීය ආයෝජනය කර ඇති ඉන්දීය අදානි සමාගම මන්නාරම සහ පුනරීන් ප්‍රදේශ ආශ්‍රිතව මෙගාවොට් 480ක විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය පවසයි .

මේවන විට සාර්ථකව මන්නාරමේ ඉදිකර ඇති මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන තම්බපවනි විදුලි බලාගාරය ක්‍රියාත්මක වෙමින් පවතින අතර , මෙගාවොට් 103.5ක ධාරිතාවයෙන් යුත් එම බලාගාරයෙන් වාර්ෂිකව ජනනය කළ යුතු ගිගාවොට් පැය 404ක ධාරිතාව ඉක්මවමින් මේවන විට විදුලිබලය උත්පාදනය කරමින් පවතී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...