පරිසර ඇමතිගේ ප්‍රකාශයකට නැගෙනහිර රාජ්‍ය සේවකයින්ගේ දැඩි විරෝධය !

Date:

නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට තර්ජනය කරමින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සිදුකළ ප්‍රකාශයකට එම පළාතේ රාජ්‍ය සේවකයින්ගේ දැඩි අප්‍රසාදය පළවී තිබේ.

නැඟෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක රැයින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවය යනු අමාත්‍ය නසීර් අහමඩ්ගේ තාත්තාට අයත් බූදලයක් නොවන බවයි සිවිල් සේවයේ ප්‍රකට හිටපු නිලධාරියෙක් සඳහන් කළේ.

අමාත්‍ය නසීර් අහමඩ්ගේ එවැනි ප්‍රකාශයන් රටේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ කෝපයට හේතු වන බවත් නම සඳහන් කිරීමට අකමැති හිටපු රජයේ නිලධාරියෙකු අප වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

විරුද්ධ පක්‍ෂය (සමගි ජන බලවේගය) නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ නසීර් අහමඩ්, ඇමති තනතුරක් වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එහි හිතවත් ආධාරකරුවන් පාවා දෙමින් කටයුතු කළා සේ රජයේ නිලධාරීන් ක්‍රියා නොකරන බව ද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

මේ අතර නසීර් අහමඩ් අමාත්‍යවරයා කාතන්කුඩියේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් සිට මන්ත්‍රීවරුන් දක්වා විවිධ කොටස් මේ වනවිට සිය විරෝධය සහ හෙළාදකිමින් සිටිති.

“මේක මගේ පළාත. අධ්‍යාපන ලේකම් දිසානායකව මම එක රැයින් තනතුරින් පන්නවා. ආයෙ පාරක බැහැලා යන්න ඉඩ තියන්නේත් නෑ” යනුවෙන් අමාත්‍යවරයා එහිදී තර්ජනය කර තිබිණි.

මෙහිදී නසීර් අහමඩ් සිය සීමාව ඉක්මවීම තුළින් සිංහල සහ මුස්ලිම් ජනවර්ග අතර නොසන්සුන්තාවක් ඇති කර ඇති අතර, ඔහු තම දේශපාලනය පවත්වාගෙන යාමට මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බොහෝ රාජ්‍ය නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් විරෝධය පළ කර ඇති අතර හෙළා දකින බව ප්‍රකාශ කර ඇත.

නසීර් අහමඩ් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ආයාචනා කරන බවත් ජනාධිපතිවරයා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වුවහොත් රජයේ සේවකයන් සමඟ එක්ව දැවැන්ත වැඩවර්ජනයක නිරත වන බවත් රජයේ ප්‍රකට සේවක සංගමයක නිලධාරියෙක් අප වෙබ් අඩවියට පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...