අපට ඩොලර් තියෙනවා. නැත්නම් 2021 බිලියන 22ක භාණ්ඩ ආනයනය කළේ කොහොමද ? – මහබැංකු අධිපති

Date:

ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟයක් උද්ගතව ඇත්තේ අපට ඩොලර් නොමැති නිසා බවට බොහෝ දෙනා සිතුවත් එම මතය සාවද්‍ය බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

“බොහෝ දෙනෙක් හිතන්නේ අපට ඩොලර් හිඟයක් ඇතිවී තිබෙන්නේ අපට ඩොලර් නැති නිසා කියලායි. අපට ඩොලර් නැතිනම් අපි කොහොමද ගිය අවුරුද්දේ ඇමරිකානු ඩොලර් බිලියන 22ක භාණ්ඩ ආනයනය කළේ ? ඒ වගේම කොහොමද අපි පසුගිය මාසයේදී ඩොලර් බිලියන දෙකක භාණ්ඩ ආනයනය කළේ ? ඒ නිසා අපට අනිවාර්යයෙන්ම ඩොලර් තිබෙනවා. ඒ වගේම ඩොලර් සඳහා අධික ඉල්ලුමකුත් තිබෙනවා. ඒක නරක දෙයක් නෙවෙයි. එතකොට අපට විදේශ විනිමය හොයාගන්න වෙනවා ඊට සහාය දෙන්න. එවැනි අවස්ථාවක ඩොලර් නියමිත ක්‍රමවේදයෙන් පරිබාහිරව භාවිතා වෙනවා නම් එය අඩුකිරීම හෝ විකල්ප ක්‍රියාමාර්ග හඳුන්වාදීම අපේ යුතුකමක් සහ වගකීමක් වෙනවා”

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...