සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අද පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට ප්රථම මෙම හමුව පැවැත්වීම විශේෂත්වයක් වන අතර, මෙම සාකච්ඡාව සදහා උතුරු නැගෙනහිර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහා ආරාධනා කර ඇති බව වාර්තා වේ.
මෙහිදී උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත්, ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ දේශපාලන පක්ෂ පවසයි .
ඉන්දීය ධීවර ගැටලුව හේතුවෙන් මෙරට ධීවරයින් මුහුණදෙන ගැටලු පිළිබදව සහ ඊට ලබාදිය හැකි කඩිනම් විසඳුම් සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත අතර දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර සාකච්ඡා මින් පෙරද පැවැත්වුණි. එහිදී ගන්නා ලද තීරණ සහ එකඟතාවල ප්රගතිය සම්බන්ධයෙන් ද අද (18) සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් ප්රකාශ කළේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??