ළමා රෝහලේ හෙට වෛද්‍ය වැඩ වර්ජනයක්!

Date:

කොළඹ LNW:රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෙට (19) දින වෛද්‍ය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ මහතා අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ 8B වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරියගේ ක්‍රියාකලාපය ඊට හේතුව බවයි.

එම වෛද්‍යවරිය දිගින් දිගටම කාර්ය මණ්ඩලයට පීඩාකාරී වන ලෙස හැසිරෙමින් සිටින අතර බලධාරීන් ඊට විසඳුම් නොදීම නිසා මෙලෙස වැඩවර්ජනයකට යොමුවන බව අළුත්ගේ මහතා අවධාරණය කළේය.

ඒ අනුව හෙට දින රෝහල් ඉතිහාසය තුළ සිදු නොවුණු මෙම වැඩවර්ජනයට රෝහල් අධ්‍යක්ෂවරයා වගකිව යුතු වන අතර ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් ඉහළින් කටයුතු කරමින් සිටින බවයි හරිත අළුත්ගේ මහතා පැවසුවේ.

ඊයේ දිනයේදී එම ප්‍රශ්නය විසඳන බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබුණද එය ඉටුනොවුණු බවද ඔහු සඳහන් කරන ලදී.

කෙසේවෙතත් හෙට උදෑසන 08.00 වන තුරු ප්‍රශ්නය විසඳීමට කාලය ඇති අතර විසඳුමක් නැත්නම් රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සේවා වලින් පැය 24ක කාලයක් ඉවත්ව සිටින බව ඔහු අවධාරණය කළේය.

”කවදාවත් ළමා රෝහලක වර්ජනයක් කළේ නෑ.මේක කරන්නේ රෝගීන් ගැන හිතලා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊයේ සවස මේක විසදනවා කිව්වා විසදුවේ නෑ. 8B වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරියගේ හැසිරීම නිසයි මෙහෙම කරන්නේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිගටම පීඩාවට පත්කලා. මීට කලින් වැඩ කළ රෝහල්වලත් මෙහෙමයි වැඩ කළේ. හෙට දවසේ සිදුවන මේ වර්ජනය රෝහලේ අධ්‍යක්ෂවරයා වගකියන්න ඕන. මේ විශේෂඥ වෛද්‍යවරියගේ හැසිරීම නිසා වෛද්‍ය සිසුවෙක්වත් එතනට යන්නේ නෑ. වෛද්‍යවරුන් ට වන මේ අඩත්තේට්ටම් අපි තව දුරටත් දරන්න සූදානම් නෑ. රෝහලේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ටත් උඩින් ගිහින් කටයුතු කරන්නේ.අපි වෛද්‍යවරුන්ට කිව්වා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ වචනයට විශ්වාසය තියන්න කියලා. නමුත් ඒ වචනය කඩකළා. අද උදේ අපගේ විධායක මණ්ඩලය තීරණය කළා රිජ්වේ ආර්යා යා ළමා රෝහලේ බාගිර රෝගී අංශය බිදවැටෙන විදිහට පැය 24ක වර්ජනයක් කරන්න.”

ඒ අනුව හෙට දිනයේ බාහිර රෝගී අංශයට නොපැමිණෙන ලෙසයි අළුත්ගේ මහතා ජනතාවගෙන් ඉල්ලසිටියේය.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...