ලෝක උරුම ටාජ් මහල් අවට ගංවතුර

ආන්තික කාලගුණය හානි හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ ලෝක උරුම මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ඛාදනය වෙමින් පරිහානියට පත්වන බව වාර්තා වේ.

ඉන්දියාවට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා නගරය ආසන්නයේ ඉදිකර ඇති ටාජ් මහල් අවට ප්‍රදේශයද මේ වන විට ගංවතුර උවදුරට ලක්වෙමින් පවතින බව වාර්තා කෙරේ.

17 වැනි සියවසේදී මෝගල් අධිරාජ්‍යයෙකු විසින් දරු ප්‍රසූතියේදී මියගිය තම බිරිඳට ගෞරව කිරීම සඳහා මෙම අලංකාර මහල් සංකීර්ණය ඉදිකර ඇති අතර මෙය ලෝක උරුමක් බවටද නම්කර තිබේ. ටාජ් මහල් නඩත්තු කරන ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය (ASI), විසින් වත්මන් ගංවතුරෙන් ටාජ් මහල් වෙත තර්ජනයක් නොවන බව ප්‍රකාශ කර තිබේ.

හිමාලයේ සිට ප්‍රාන්ත කිහිපයක් හරහා දකුණට සැතපුම් 855ක් (කිලෝමීටර් 1376ක්) ගලා යන යමුනා නදිය පසුගිය බ්‍රහස්පතින්දා වන විට මීටර් 208.57ක් (අඩි 684ක් පමණ) දක්වා ඉහළ ගොස් ඇති අතර ආසන්න ප්‍රදේශවල ජනයාට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස රජය අනතුරු අඟවා තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC)විසින් ඉන්දියාව ආන්තික කාලගුණය හේතුවෙන් පීඩනයට පත්වන රටක් ලෙස හඳුනාගෙන ඇති අතර ආන්තික කාලගුණය හානි හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ ලෝක උරුම මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ඛාදනය වෙමින් පරිහානියට පත්වන බව වාර්තා වේ.

4 වන සියවස දක්වා දිවෙන චීනයේ සේද මාවත දිගේ ඇති පුරාණ බෞද්ධ ගුහා බිතුසිතුවම් සහ ප්‍රතිමා දේශගුණික විපර්යාස නිසා ඇති වූ අධික වර්ෂාපතනයෙන් සෘජු තර්ජනයන්ට ලක්ව ඇති අතර සමහර ලෙන්වල කලා කෘති දැනටමත් පිරිහීමේ සලකුණු පෙන්නුම් කෙරෙමින් ඇති බවද වාර්තා වේ.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...