සහල්, මුං,උඳු, කුරක්කන් , කව්පි, රටකජු ආනයනය කිරීමට අවශ්‍ය නෑ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට ගත් පියවරත් සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් මේ වනවිට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන අතර , මෙම වසර තුළ මෙරටට සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ ,මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක්  වන අතර පසුගිය මහ කන්නය මෙම යල කන්නයේ අස්වැන්න සමග සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් නිපදවා ගැනීමට හැකිව ඇති බවයි.

වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000ක් වන අතර මෙම වසර තුළ මුං ඇට මෙට්‍රික් ටොන් 13,439ක අස්වැන්නක් ලැබී ඇති අතර,  කව්පි වාර්ෂික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් වන අතර මෙම වසර තුළ මෙරට කව්පි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 13,740ක් වේ.

මෙරට වාර්ෂික උඳු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000ක් වුවද මේ වසර තුළ උඳු අස්වැන්න මෙට්‍රික් ටොන් 17,866ක් ලැබී ඇති බව සඳහන්ය.

වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 35,000ක් වන අතර මෙම වසර තුළ මේ වනවිට රටකජු අස්වැන්න මෙට්‍රික් ටොන් 36,498ක් ලැබී තිබේ.

මෙරට වාර්ෂික කුරක්කන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 10,000ක් වන අතර මෙම වසර තුළ එහි  අස්වැන්න මෙට්‍රික් ටොන් 6408ක් බව සඳහන්ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට සහල්, මුං ඇට, කව්පි, කුරක්කන්, උඳු හා රටකජුවලින් රට ස්වයංපෝෂිත තත්ත්වයට පත්ව ඇති බැවින් නැවත එම ද්‍රව්‍ය මෙම වසර තුළ ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...