බදු ඉහළ දැමීමට එරෙහිව කෙන්යාවේ විරෝධතා!

Date:

කොළඹ LNW:බදු ඉහළ දැමීමට එරෙහිව කෙන්යාවේ විරෝධතා උත්සන්න වී තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

විරෝධතා පාලනය කිරීම සඳහා කෙන්යා පොලීසිය විසින් විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩත්වය දැඩිව මුදාහරින තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කණගාටුව ද ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන පරිදි විරෝධතා වලදී පුද්ගලයින් 23ක් මියගොස් තිබෙන අතර තවත් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

ඒ අනුව මරණ හා තුවාලවීම් පිළිබඳව කඩිනම් ස්වාධීන සහ විනිවිද භාවයෙන් යුත් පරීක්‍ෂණ සිදු කරන ලෙස කෙන්යා රජයෙන් මානව හිමිකම් කාර්යාල ඉල්ලා ඇත.

කෙන්යානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් සහතික කර ඇති පරිදි සාමකාමීව රැස්වීමේ අයිතිය සහතික කරන ලෙසටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් එරට ජාතික ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තේ.

නයිරෝබි අගනුවර ඇතුළු රට පුරා විරෝධතා මතුව තිබෙන අතර එරට විපක්ෂ දේශපාලන නියෝජිතයින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතාකරුවන් විසුරුවා හැරිමට පොලීසිය කටයුතු කරන බවයි.

කෙන්යානු විපක්ෂ නායක​ සහ හිටපු අගමැති රයිලා ඔඩින්ගා විසින් මෙම විරෝධතා කැඳවීමට නායකත්වය දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...