යුක්‍රේනයේ වරාය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රුසියාව විසින් ,අපනයන ගනුදෙනුවට ඇතුළත් වූ වරායන් තුනෙන් දෙකක් වන Odesaහි ධාන්‍ය පර්යන්තය සහ වරායේ යටිතල පහසුකම්වලටත් , Chornomorsk හි කළු මුහුදේ වෙරළ තීරය සහ යුක්‍රේනයේ වරාය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .

ධාන්‍ය අපනයනය කරන ගනුදෙනුවෙන් නිල වශයෙන් ඉවත් වී පැය කිහිපයක් ඇතුළත මෙම ප්‍රහාර එල්ල වී තියෙනවා.

හමුදා නිලධාරීහු පවසන්නේ, ප්‍රහාරවලදී නව හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු අවම වශයෙන් සිවිල් වැසියන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර මහල් නිවාසවලටද හානි සිදුවී ඇති බවයි.

එල්ල කළ සෑම මිසයිල ප්‍රහාරයක්ම යුක්‍රේනයට පමණක් නොව, සාමාන්‍ය ජීවිතයක් ගත කරන කරන ලෝකයේ සෑම කෙනෙකුටම එය පහරක් බවයි යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ.

ප්‍රංශය සහ ජර්මනිය ද මෙම ප්‍රහාරය හෙළා දැක ඇත.

ලෝකයේ දුප්පත්ම ජනතාවට පුටින් පහර දෙන බවයි ජර්මනියේ විදේශ අමාත්‍ය ඇනලේනා බෙයර්බොක් පැවසුවේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...