චීන රජයේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක් (VIDEO)

Date:

මෙරට සංචාරයක නිරත වී සිටින, චීන රජය නියෝජනය කරන දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (20) පස්වරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

එහි දී දෙපාර්ශ්වය අතර සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගැනිනි.

මේ දූත පිරිසට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික, එම මධ්‍යම කාරක සභාවේ චොංකිං මහානගර කාරක සභාවේ ලේකම් Yuan Jiajun මහතා, චීනයේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා, නියෝජ් අමාත්‍ය, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුව Guo Yezhou මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ චොංකිං මහානගර කාරක සභාවේ ස්ථාවර කාරක සභා සාමාජික, විධායක උප නගරාධිපති Chen Mingbo මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ චොංකිං මහානගර කාරක සභාවේ මහලේකම් හා ස්ථාවර කාරක සභා සාමාජික Luo Lin, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ, කාර්යාංශයහි මහලේකම් Peng Xiubin, චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Hu Wei, චීන කොමියුනිස්ට් පක්ෂයේ චොංකිං මහානගර කාරක සභාවේ නියෝජ්‍ය මහලේකම් Guan Zhongxiao, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රොටෝකෝල කාර්යාංශය, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුව. Shangguan Hongjun, ශ්‍රීමත් යුවාන් ජියාජුං ශ්‍රීමතාණන්ගේ ලේකම් Wu Xiaoyu, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ, කාර්යාංශයහි අධ්‍යක්ෂ Cui Xiang, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ, කාර්යාංශයහි නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ කථා පරිවර්තක Liu Yuwenshi එක්ව සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...

වෙල්ලාලගේ පියා ජීවිතයෙන් පරාජය වෙද්දී ශ්‍රී ලංකාව අපරාජිතව පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති...