*
Sunday, November 17, 2024
spot_img

Latest Posts

ඩස්පින් – මීහරක් උද්ඝෝෂණය

ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙන් ගෙදර එන්න ආවෙ.ඒත් අතර මඟ තද ට්‍රැපික් එකක්.මං ත්‍රිවීල් එකෙන් බැහැල රියදුරු ලවා අපේ අම්මවත් සිහිපත් කරගෙන,රුපියල් හාරසියයෙ හයර් එක 100 න් ඉවර කරලා පයින් ඉස්සරහට එනවා.එකම පෙළට හිතාගන්න බැරි මීහරක් පෙරහැරක්.
උන් අර උම්බෑ කියන සද්දෙන් කෑ ගහනවා.
“බොක්ස් බව්වට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියාපිය”

පොලීසිය ඉන්නෙ නිකං පාතාලය ඉස්සරහ ඉන්නවා වගේ.මධුෂ්ට වෙඩි තියපු වෙලාවෙ කලබලයට එක බුලට් එකක් හරියට වදින්න තියාගන්න බැරි වෙච්චි අයනෙ.දැන් වුණත් මූණෙන් පේන්නෙ එක හරකෙක්ව එලා ගන්න පුළුවන් ඉලක්කයක් නැති ගාණයි.
ඔන්න රැස් විහිදෙන රූපවාහිනි නාලිකාවක් ඉස්සෙල්ලම මයික් එක ඇල්ලුවා.
“අපේ ගොම ටිකක් තරමටවත් වටින්නෙ නැති මිනිහෙක්ට පුළුවන් ද මී හරකෙක්ට සමාන වෙන්න? අපි හාලා මැඩලා අපිට කන්න දෙන මනුස්සයා බලා ගන්නවා.මෙයාලා මෙතනට පත් කරපු මිනිස්සු තඹයකට මායිම් කරනවද?”

“මී හරකෙක් කියන්නෙ මොකෙක්ට කියලද උන්නැහැ හිතගෙන ඉන්නෙ?”
ඇත්තටම ඉතිං ඇමති ඒ කතාව කියනකං කිසිම මීහරකෙක් අදහස් දක්වනවා අහලා හිටියෙ නැති මාධ්‍ය කණ්ඩායම් මී හරකගෙ කතාවෙන් අපහසුවට පත් වුණා.වටේ ඉන්න මිනිස්සුත් මේ මී හරක්ගෙ උද්ඝෝෂණයෙන් තමයි තේරුම් ගත්තතෙ මී හරක්ට තියෙන බලය.
“හැම මී හරකම එකට ඉදගෙන තමන්ගේ පංතිය රකිනවා.”
යාම් – ඊම් හිතාගන්නවත් බැරුව ඉන්න කෙනෙක් ආවේගයෙන්, ඒත් හෙමින් මුමුණනවා.
“මී හරකා කියන්නෙ කෘතවේදී සතෙක්.තමුන්නාන්සෙල දුන්න බලයෙන් සැප සම්පත් විඳින උන්ට අඩු ගාණෙ ඒ ගුණයවත් තියෙනවද?”

මීහරක් ඉල්ලා සිටින්නෙම තමන්ගෙ වැඩ වලට මීහරක් උදාහරණයට අරගෙන මීහරක්ව අපහසුවට පත් කරන්න එපා කියන එකමයි.සදේශයක් භාර දෙන්න අවශ්‍යය වුණාට ඇත්තටම ආරක්ෂක අංශවලට කොහොමද ඉතිං මීරක් ටිකක් අස්සට ගන්නෙ කියන ප්‍රශ්නය තදින් බලපෑවා.
“ලිෆ්ට් එක ඔරොත්තු දෙන එකක් නැහැ.ඉතිං කොහොමද අපි අවසර දෙන්නෙ?”
ආරක්ෂක අංශ බොහොම සාමකාමී විදිහට මී හරක්ට කාරණය පැහැදිළි කළා.
“එතකොට තේරෙනවද මී හරකෙක් කිය කිය ගෞරවය ගන්න හදන එකා ඔය ලිටේ එකේ යන්නෙ කිසිම අපහසුවක් නැතුව නේද?ඒ ඇයි ?මී හරකෙක් නොවන නිසා.මීහරකෙක්ට වඩා අන්ත එකෙක් මී හරක් අපිට අපහාස කරාම කේන්ති යන එක සාධාරණ නැද්ද?”

මීහරක් හැබැයි මේ යන්න බැහැ කියන කතාව යම් ආකාරයකට පිළිගන්න අතරෙම ඇමති හම්බවෙන අදහස අත අරින්නෙත් නැහැ.මොකද මේකට උත්තර දෙන්න අදාළ අමාත්‍යවරයාට මීහරක් ලඟට එන්න අපහසුවක් නැහැනෙ.
මේ නිසා මොහොතින් මොහොත උණුසුම් වෙන තත්ත්වය එක්ක එක මී හරකෙක් හරි මේ දක්වා තියාගෙන හිටිය සංයමය කඩ ගත්තොත් වෙන හානිය ගැන හිතලා ආරක්ෂක අංශ කරේ ආරක්ෂක අංශ වෙනුවට අනතුරට පත්වන අයට ඉක්මන් ප්‍රතිකාර දීම සඳහා ගිලන් රථවලට එන්න කීමයි.
ඔන්න ඒ අනුව නලා ශබ්ද කරගෙන ගිලන් රථ එන්න ගත්තම ඊට ඉස්සෙල්ලා තුවක්කු යුද ටැංකි ආවටවත් සෙලවුණේ නැති මී හරක් ටික පන එපා කියලා දුවන්න ගත්තා.

මටත් හිතාගන්න බැරි වුණා මේකට හේතුව මොකද්ද කියලා.ටිකක් තරබාරු හයියෙන් දුවන්න අමාරු සී හරකෙක් ළඟට මමත් යුපුන් අබේකෝන්ගෙ වේගයෙන් ලං වෙලා විස්තර අහන්න ගත්තා.
“ඇයි යකො ඒ ආවෙ හරක්ට ප්‍රතිකාර කරන තැනක ගිලන් රථ නෙමෙයි උඹලට බෙහෙත් කරන තැනක ගිලන් රථනෙ.බැරි වෙලාවත් අරං ගිහිං බෙහෙතක්වත් විද්දොත් මී හරක් ටික සුං.”
මීහරක්ා කිව්වම මට මනුස්ස වර්ගය වෙනුවෙන් කතා නොකර ඉන්න බැරි විශාල ආවේගයක් ආවා.
“ඇත්තටම එහෙමම නරක තත්ත්වයක් නැහැ.අඩු පාඩු ඇති.ඒත් ඔය විදිහට කළබල වෙන්න දෙයක් නැහැ.”
මම ඌත් එක්ක එක පෙළට දුවන අතරේම කිව්වා.

“ඇත්තටම උඹලනම් මීහරක්ටක් වැඩිය අන්තයි තමයි.ඇමතියම කියනවා හොස්පිටල් ළග මල් ශාලා තියෙන්නෙ ආපු හැමෝම යන්නෙ නැති නිසා කියලා.එහෙම කියලා බෙහෙත්වලින් මැරෙන එක සාධාරණය කරන එකට උඹලා පන්දම් අල්ලනවා.ඔය ඇමතියෙක් නෙමෙයි උන්ව පත් කරපු තොපි එකෙක් හරි මීහරක් වගෙ කියලා ඇහෙන්න කියන්න එපා ඇනලා මරණවා”
එහෙම කියලා මේ මීහරකා මට අනින්න පැන්න පාර මම මේ තවම දුවන ගමන්.
ඇත්තටම අපි මී හරකුන්ටත් වඩා අන්තද?


ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan