සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ කලාප නව ආයෝජකයන්ට ලබාදෙනවා –  අරුන්දික ප්‍රනාන්දු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පවසා සිටියේ, මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප 24ක් හඳුනාගෙන ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම සංචාරක කලාපයන්ද රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි ආයෝජකයන්ට ලබා දීමට ද තිරණය කර ඇති බවත් ,තාවකාලික ඉදිකිරීම් යටතේ එම වෙරළ කලාප නව ආයෝජකයන්ට ලබා දෙන බවත්ය.

මේවනවිටත් ,  කොළඹ, ඇල්ල, නුවරඑළිය, මහනුවර හා ත්‍රිකුණාමලය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු සිදුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...